දේශීය පුවත්

විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු පා.ච. රණවක ඇමතිතුමා අපටත් එකඟවිය හැකි දෙයක් බොහොම කලකට පසුව ප්‍රකාශ කළා. හැමදාමත් එතුමා එතුමා කියන දේට මම විරුද්ධ වෙන එකේ, එතුමා ඊයේ මාධ්‍ය හරහා කළ කතාවේ අපට එකඟ විය හැකි දෙය තමයි තෝරාගත් නඩු වලට පමණක් ප්‍රමුඛතාවය ලබා දීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා කියලා එතුමන් කිව්ව ප්‍රකාශය හරියටම හරි. සීයයට සීයක්ම අපිත් එකඟයි. නමුත් අපට එකඟ වෙන්න බැහැ එතුමා ගෙනාපු උදාහරණ වලට. රටේ සිදුවන අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක් නොමැති බව ප්‍රදර්ශනය කිරීම විතරයි එතුමා සිදු කළේ.

එතුමන් කියනවා ඇවන්ගාර්ඩ් නඩුව ඉදිරියට යන්නේ නැහැ, ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම පිළිබඳ නඩුව ඉදිරියට යන්නේ නැහැ. මේකෙන් ජනතාවගේ අධිකරණය පිළිබඳ විශ්වාසය කඩ වී තියෙනවා කියලා. එතුමාට කියලා දෙන්න අවශ්‍යයි මොකද උනේ කියලා. එතුමා අධ්‍යයනය නොකර කතා කරපු නිසයි මේ අමාරුවෙ වැටුනේ.

මේ නඩු දෙකම නීතිපතිවරයා බොරු කරුණු පදනම් කරගෙන බොරු නඩු පවරද්දී ඊට එරෙහිව විත්තිකරුවන් ඉහළ අධිකරණයට ගියාම ඉහළ අධිකරණය මෙහි නීතිමය පදනමක් නැති බව දැකලා ඒ ගොනුකළ අභිචෝදනා පත්‍ර බී වාර්තා තහනම් නියෝගයකින් නවතාලනු ලැබුවා. ඒ නිසයි ඒ නඩු දෙක ඉස්සරහට යන්නේ නැත්තේ. එසේ වන්නේ දේශපාලන බලපෑමක් නිසා නොවෙයි ඉහළ අධිකරණය තමන් සතු බලය පාවිච්චි කරලා පහල අධිකරණය තුළ සිදු වෙන්නට ගිය වරදක් නිවැරදි කළ නිසා.

හැබැයි අපට තියන ප්‍රශ්නය ගරු පා.ච. රණවක ඇමතිතුමනි රවි කරුණානායක මන්ත්‍රිතුමන් ඉතා නිවැරදිව සඳහන් කරනවා ඥානසාර හාමුදුරුවෝ එක්නැලිගොඩ අතුරුදහන් කරපු නඩුවේ සාක්ෂි කාරියකට බලපෑම් කළා යැයි සය මසකට ඇතුලට දානවා. නමුත් ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් කරපු පුද්ගලයා නිදැල්ලේ සැරි සරනවා කියලා. අපට තියෙන ප්‍රශ්නය තමයි කිසිම ඉහළ අධිකරණයක තහනම් නියෝගයක් නොමැතිව තිබියදී ගල් අගුරු වංචාව පිළිබඳ නඩුව ඉදිරියට යන්නේ නැත්තේ ඇයි? ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ නඩුව ඉදිරියට යන්නේ නැත්තේ ඇයි ? සන්දීප රාජගිරියේදී රිය අනතුරකින් සදාකාලිකව ආබාධිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඉදිරියට යන්නේ නැත්තේ ඇයි ? ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡායාරූපය විකෘති කර කූට ලේඛනයක් සැකසීම සිරස රූපවාහිනී නාලිකාවේදී අවි බලයෙන් සහ මැර බලයෙන් රාජ්‍ය බලය අල්ලන්නට ජනතාව කුපිත කරවීම පිළිබඳ පැමිණිල්ල විතරක් නොවෙයි තමන්ගේ පෞද්ගලික සහකාරක වශයෙන් කටයුතු කළ සුකී නොහොත් තිලකසිරි පැහැරගෙන ගොස් මානසික රෝහලේ නතර කර නිරපරාදේ කරන්ට් ඇල්ලීම. තමන්ගේ ජෝතිෂ්‍යවේදියා ජගත් මාරසිංහ මානසික රෝගියෙක් බවට පත්කරලා මානසික රෝහලේ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම වැනි පැමිණිලි සම්බන්ධයෙන් කිසිම දෙයක් නොවීම නිසා තමයි මේ රටේ තෝරාගත් පදනමෙන් නඩු විමසනවා කියන චෝදනාව ලක් වෙලා තිබෙන්නේ.

ඒ නිසා ගරු ඇමතිතුමනි මේ නඩු පිළිබඳවත් ඔබතුමන්ගේ මතය හැකි ඉක්මනින් රටට කිව්වොත් ජනතාව ඔබතුමා කියන දේ වඩාත් පැහැදිලිව තේරුම් ගනී කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය : ඥාණසාර හිමියන්ට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් එතුමා දරන මතය ගැන ඔබතුමා මොකද හිතන්නේ ?

පිළිතුර

එතුමන් එතනත් කියනවා අධිකරණයට බාධා කළා නම් එහෙම නඩු තීන්දුවක් දෙන්න සිද්ධ වෙනවා. අධිකරණයක් නැත්නම් කරගෙන යන්න බැහැනේ කියලා. එතුමා එතැන නොදන්න කාරණය තමයි අධිකරණයට අපහාස කළා කියන නඩුව තවමත් අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින්නේ. මේ නඩු තීන්දුව දුන්නේ සාක්ෂිකාරියක් බියවැද්දීම කියන කාරණය පදනම් කරගෙන. එතනත් එතුමා කරුණු කාරණා නොදැනයි කතා කරන්නේ. ඒ නිසා අපිට එතුමා ගැන කියන්න තියෙන්නේ නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වීම පමණක් සිදුවෙලා තියෙනවා කියලයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More