පුරවැසි කොලම

මේ සටහන ලියන්නේ මල්දෙණියටවත්
ජෙහාන්ටවත් නෙවෙයි
ඒ නිසා එවුන් ට්පපර් වෙන්න අවශ්‍්‍ නෑ
.
මේ කතා කරන්නේ
ප්‍රියන්‍තට
පාරට බහින්න බලාගෙන
මේ වෙලාවේ ලේ කකිය කකිය දාඩිය පෙරාගෙන
හාමතේ ඉන්න ප්‍රියන්තට
බය වෙන්න එපා!
කියන්න යන්නේ අප්‍රේල් 03 පාරට බහින්න එපා කියලා නෙවෙයි..
ඒ නිසා පැත්තකින් වාඩිවෙලා පොඩ්ඩක් කියවපං..
පැහැදිලිවම මේක මල්දෙණිය කෙනෙක් විසින් දුන්න කොන්ත්‍රාත්තුවකට ජෙහාන් විසින් ප්ලෑන් කරපු පාරට බැහිල්ලක්…
දැනට පේන දේවල් වල හැටියට
ඒ මල්දෙණිය සජිත් නෙවෙයි
ඒ මල්දෙණිය අනුරත් නෙවෙයි
මේ වගේ වෙලාවක මේ වගේ ප්ලෑනක් ගස්සවන්න සජිත්ට මොළයක් නෑ
ජන බලය තමන්ට කැරකෙන වෙලාවක මේ වගේ ප්ලෑනක් ගස්සවන්න අනුරට හදිසියකුත් නෑ
මේක පිටිපස්සේ ඉන්න මල්දෙණිය
මොළයකුත් තියන
හදිසියකුත් තියන
එකෙක්..
හොඳට කල්පනා කරල බැලුවොත් ඔලුවට ඒවි කවුද කියලා..
ඉතින්
මේ කියන්න යන්නේ
ප්ලෑන් එක ජෙහාන්ගේ නිසා පැත්තකට වෙලා ඉන්න හැටි නෙවෙයි..
ජේහාන්ගේ ප්ලෑන් එකෙන්
ප්‍රියන්තගේ අරමුණ වෙච්ච
පවතින ම්ලේච්ඡ ආණ්ඩුවට විරෝධය,අප්‍රසාදය දැක්වීම කියන එක විතරක් කරගන්නේ කොහොමද කියලා..
මුලින්ම
කවදද පාරට බහින්නේ
කීයටද පාරට බහින්නේ
කියන එක විතරක් නෙවෙයි
පාරට බැහැල මොනවද කරන්න ඕන මොනවද නොකර ඉන්න ඕන කියලා
පැහැදිලි චිත්‍රයක් ඇඳගනි‍ං..
.
පාරට බැස්සා මදි
ගහපං
මරපං
කොටපං
කියලා ජෙහාන් කිව්වත්
පොදු දේපළ පෙන්නලා
කඩපං
ගිනි තියපං කියලා ජෙහාන් කිව්වත්..
ඒක උගේ අරමුණට යන්න වාසියක් මිසක්
ඒක අපේ අරමුණට යන්න වාසියක් නෙවෙයි…
සාමකාමීව රැස් වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උබට මූලික අයිතිවාසිකමක් දීලා තියනවා..
ඒකට එරෙහි වෙන්න ආණ්ඩුවට බෑ..
හැබැයි
ඒ රැස්වීම නීති විරෝධි රැස්වීමක් වුණ ගමන් උබට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ
දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය..
මතක තියාගනිං මෙහේ නීතිය මහ එවුන්ට ක්‍රියාත්මක නොවුණට
පොඩි එවුන්ට ක්‍රියාත්මක වෙන්නේ විදුලි වේගයෙන්..
ජෙහාන්ට වාසි වෙන්නේ උබ හිරේ විලංගුවේ වැටෙන තරමට
ඒත් උබට මට වාසි වෙන්නේ
පුළුවන් තරම් සාමකාමීව හැසිරෙන තරමට
ඊළ‍ඟට
ජෙහාන්ගේ ප්ලෑන් එක සාර්ථක වෙන්න නම්
ජාත්‍යන්තර අවධානය අවශ්‍යයි
ජාත්‍යන්තර අවධානය ලබාගන්න නම් ලේ අවශ්‍යයි..
ඒ නිසා ජෙහාන්ගේ තුවක්කුවෙන් වදින වෙඩි වලට පපුව දික් කරලා
හතරවෙනිදා සිට උබේ පවුලේ උන් පාරට ඇදල දාන ජාතික වීර මානසිකත්වය ඇති කරගන්න එපා..
ආරූඪෙන් වගේ
ආවේග පිට කර කර නොඉඳ
හොඳ මීටරෙන් හිටපං..
ඉතින්
මේ කිව්වේ
ගේම් එක මල්දෙණියගේ වුණත්
ප්ලෑන් එක ජෙහාන්ගේ වුණත්
ප්‍රියන්තගේ සද්භාවී අරමුණට යන්න උවමනා කරන දේවල් ටිකක් විතරයි..
තව තියනවා
හදවත පස්සට දාලා…
මොළය ඉස්සර කරන් හිතපං
උබට ජය !
-පමුදි අනුත්තරා වීරසූරිය-
(උපුටාගැනීමකි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More