දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තව ත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අද පස්වරු 6.00 සිට අප්‍රේල් මස 04 වන දින උදෑසන 6.00 දක්වා කිසි ම තැනැත්තෙකු විසින් යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ සිටීම තහනම් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අදාළ ස්ථාන වෙත ප්‍රවේශ වීමට ජනාධිපතිවරයා, ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය හෝ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය හෝ පොලිස්පතිවරයා හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක් ලබා ගත යුතු වේ.

මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More