දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවට බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් එම අර්බූදය පියමං කරනු පිණිස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවට අණපනත් සම්මත කිරීම ආදී කටයුතු නොමැති බව දැනුම්දී අවුරුදු නිවාඩුව මූලික කරගෙන එසේ කල් තැබීමක් කළ හැකි බව ආණ්ඩුවේ දැනට සිටින ජේෂ්ඨ මන්ත්‍රීවරු පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවේ වෙනම මන්ත්‍රී බහුතරයක්(113ක්) නිර්මාණය කිරීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන අතර පසුගිය සතියේත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොළඹ ස්ථාන තුනකදී පැවැත්වී ඇතැයි රජයේ බුද්ධි අංශ වාර්තා කර ඇති බවද පැවසේ.

එම පිරිස මේ වන විට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් සමගම දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පැවසේ.

පක්ෂ එකොලහේ කණ්ඩායම සතුව බහුතරය ඇති බව කතානායකවරයාට ලිඛිතව පෙන්වා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙරළිකාර කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.

මේ අතර පෙරළිකාර කණ්ඩායමේ සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා බුද්ධි අංශ කණ්ඩායම් රැසක් යොදවා සිටින අතර එම නිලධාරීන් දිවා රෑ නොබලා ඒ කටයුතුවල නියැලී සිටින බවද පැවසේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ බස්නාහිර පළාත් ( බුද්ධි ) මේ සඳහා ක්‍රියාත්මක වී සිටින බුද්ධි කණ්ඩායම් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More