ව්‍යාපාරික පුවත්

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය එළිදැක්වූ වාර්තාවේ සඳහන් වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

රාජ්‍ය ආයතනවලින් වැය කරන මුදල් ඉතිරි කිරීමට හැකිවුණේ නම් විදේශීය ණය ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් මෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යෙදවීමට හැකිවන බවත් කථානායකවරයා පැවැසීය.
කථානායක කරු ජයසූරිය මහතා මේ බව පැවැසුවේ රජයේ ගිණුම්කාරක සභාව පිළිබඳව බත්තරමුල්ල වෝටර්ස්එජ්හිි ඊයේ (18) පැවැති වැඩමුළුවකට සහභාගි වෙමින්ය.

රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 837ක් ඇති අතර එම ආයතන සියල්ල විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්වන බවත්, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී ඇති බැවින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට නොහැකිවන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

එමෙන්ම සෑම දෙපාර්තමේන්තුවක්ම මාස තුනකට වරක් අභ්‍යන්තර විගණනයක් කිරීම අනිවාර්යය බවත් පැවැසූ කථානායක කරු ජයසූරිය මහතා පසුගිය වසරේ රාජ්‍ය ආයතන 50ක් දුර්වල ආයතන බවට හඳුනාගෙන ඇති අතර මේ වසර තුළදී දුර්වල ආයතන 20 ක් හඳුනාගෙන ඇති බවත් පැවැසීය.

කෙසේ නමුත් රටේ මෙතරම් රාජ්‍ය ආයතනවල පාඩුවීම් සිදුවීම ආදී කරුණු තිබියදී ජනාධිපති ‍ලේකම් හෝ තමන් දැකලවත් නැති 118ක ප්‍රවෘත්තියක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද කථානායක කරු ජයසූරිය මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More