දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින බව වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (02) දින කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ රටේ දැනට පවතින ගැස් , ඉන්ධන , විදුලි අර්බුධය සහ ජිවන වියදම ඉහල යාම හමුවේ පිඩාවට පත් ජනතාව අද රජය අප්‍රසාදයට පත් කර ඇති බවත්, එවැනි අවස්තාවක උද්ඝෝෂණයට පැමිණි පිරිසකට පහර දි තුවාල සිදු කිරිම විසදුම නොවන බවයි.

තම පක්ෂය සැම අවස්තාවකම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි බවත්, එම ජනතාවගේ අවශ්‍යතාවයන් තමන්ට ඉටු කිරිමට නොහැකි වුවහොත් තම රජයට දක්වන සහයෝගයෙන් ඉවත් විමට පවා දෙවරක් නොසිතන බවයි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

සර්ව පාක්ෂික සමුළුවට තමන් සහභාගි නොවුයේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදිම නිසා නොව වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉල්ලිම් තුනක් සිදු කල බවත්, එම ඉල්ලිම් නොලැබුණු නිසා තම පක්ෂය සමුළුව වර්ජනය කල බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

හදිසි නිතිය ප්‍රකාශයට පත් කිරිම කුමන හේතුවක් මත පැනවුවාද යන්න පිලිබදව තමන් නොදන්නා බවත්, පාර්ලිමේන්තුවට මෙය ගෙන ඒමේදි ඒ පිලිබදව අධ්‍යනය කර තම සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න තිරණය කරන බව ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

දමිල ප්‍රගිතිශිලි සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින තලවකැලේ නගරයේදි උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිත බවත්, එයට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව පැවසු ජිවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ මෙපමණ අර්බුධ තියෙන අවස්තාවක රට තුල සැණකෙලි පැවැත්විම සිදු නොකල යුතු බවයි.

ඩිසල් හිගය රටේ ජනතාවට පමණක් නොවන තමන්ටද පෞද්ගලිකව බලපැමක් සිදු වි ඇති බවත්,කැබිනට් මණ්ඩලය ඉවත් කර සියළු පක්ෂ සම්බන්ධ කර ගනිමින් කැබිනට් මණ්ඩලයක් තාවකාලිකව පත් කරන ලෙස හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ගෙන ආ යෝජනාව රටේ ආර්ථික ගැටළු විසදිමට සුදුසු එකක් නම් එය සිදු කිරිම පිලිබදව ලංකා කම්කරු කොන්ග්‍රසයේ කිසිදු විරෝධයක් නොමැති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More