සමාජ ජාලා හරහා “ගෝටා ගෝ හෝම් 2022” යන සටන් පාඨය නිර්මාණය කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සහ කළ පැතුම් කර්නර් නැමත්තා මේ වන විට එංගලන්තයට වී තම ‘ෆේස් බුක්’ පිටුවේ දේශන පවත්වමින් සිටින බව වාර්තා වේ. මේ වන විට ශ්‍රි ලංකාවේ උද්ගත ව ඇති තත්වයට සමාන්තරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත කර ඇත. පැතුම් කර්නර්ගේ “ගෝටා ගෝ හෝම් 2022” සටන් පාඨය පෙරදැරි කර ගනිමින් හෙට( අප්‍රේල් 03) පාරට බැසීමට සූදානමින් සිටි මධ්‍යයම පන්තීය ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ ඇති බරපතලකම තේරුම් ගනිමින් නිවෙස් වලට වී සිටීමට තීන්දු කර ඇතැයි අපගේ පර්යේෂක කණ්ඩායමේ නිරීක්ෂණය වී තිබේ.
කෙසේ වුවද මෙම ගැසට් නිවේදනයේ බරපතලකම තේරුම් නොගත් සමාජයේ පහළ කොටස් හෙට දිනයේ පාරට බැසීමට ඉඩ ඇති බවත් මහා විනාශයක් සිදු වීමට ඉඩ ඇති බවත් සමහර සමාජ විශ්ලේෂකයන්ගේ මතය වූ බවද පර්යේෂක කණ්ඩායම පවසයි. පැතුම් කර්නර් මහතාගේ පාලනයෙන් “ගෝටා ගෝ හෝම් 2022” මේ වන විට ගිලිහී ඇති බව පැතුම් කර්නර් මහතා එංගලන්තයට යාමෙන් පසුව ශ්‍රී ලංකාවේ හුදකලා වී ඇති ඔහුගේ සහචරයන්ගේ මතය වී ඇති බවද ලංකා ලීඩ් පර්යේෂක කණ්ඩායමේ නිරීක්ෂණය වී තිබේ. එම පිරිසට අනුව මේ වන විට අයාලේ යමින් තිබෙන නායකයෙකු නැති හෙට දින එලි බැසීමට නියමිත “ගෝටා ගෝ හෝම් 2022” ව්‍යාපාරය න්වතා දැමිමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතු බව පැතුම් කර්නගේ හුදකලා වූ අනුගාමිකයෝ පවසන බවද ලංකා ලීඩ් විමර්ෂකයෝ පවසති.
කෙසේ වුවද පැතුම් කර්නර් මහතා සිය ‘ෆේස් බුක්’ ගිනුමේ සටහනක් තබමින් “විජේවීරගේ සීමාවට මාව ඔසවා තැබුවාට ස්තුතියි!!! ඔහු මෙන්ම මාද හෘද සාක්ෂියේ වගකීම ඉටු කරන්නෙමි. ” යනුවෙන් පවසයි.
පැතුම් කර්නර් විසින් ඔහුගේ ‘ෆීස් බුක් ගිනුමේ’ තබන ලද සම්පූර්ණ සටහන පහතින් දැක්වේ. මරා දැමූ විප්ලවවාදියා උගන්වා ගිය පාඩම ඊළඟ විප්ලවකරුවන් නැවත උගත යුතු නොවේ.
ඔහු ජීවත්වූ ලෝකය සහ මා ජීවත් වන ලෝකය වෙනස් ය. ඔහුට තිබුන තාක්ෂණයට වඩා වැඩි යමක් අප සතුව තිබේ. හුදෙක් අප නිර්මාණශීලි වීම ප්‍රමාණවත් ය. විජේවීරගේ සීමාවට මාව ඔසවා තැබුවාට ස්තුතියි!!!.ඔහු මෙන්ම මාද හෘද සාක්ෂියේ වගකීම ඉටු කරන්නෙමි.
පැතුම් කර්නර්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...