ජනාධිපති නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී පොදු දේපළවලට හානි සිදු කිරීම ආණ්ඩුව විසින් ඇතුළත් කරන ලද කණ්ඩායමක ඉතා සැලසුම් සහගත ක‍්‍රියාවක් බවට සැක මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
අතදරු අම්මලා, වැඩිහිටි අම්මා, තාත්තා වගේම, දරුවා, බිරිඳ, සැමියා වශයෙන් පවුල්පිටින් උද්ඝෝෂණවලට පැමිණ එවැනි ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් සිදුකළේ යැයි විශ්වාස කිරීමට නොහැකි යැයි ද හෙතෙම කීවේය.
එබැවින් ‘ජන පීඩක ආණ්ඩුව’ පලවා හැරීමේ උද්ඝෝෂණවල දී ආණ්ඩුව විසින්ම සැලසුම් කරන ලද ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් වළක්වා ගැනීමත් පුරවැසියන්ගේ වගකීමක් බවත් දිසානායක මහතා කියා සිටියේය.
මෙවැනි උද්ඝෝෂණ හැකිතාක් සාමකාමීව, හැකිතාක් සංවිධානාත්මකව, හැකිතාක් මෙහෙයවීමකට යටත්ව සිදු කළ යුතුව ඇතැයි කී හෙතෙම ඒ පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බවත් කීවේය.
මෙම උද්ඝෝෂණයේ දී සිවිල් පුරවැසියන් විශාල පිරිසක් වෙත ආරක්ෂක අංශ පහරදී ඇතැයි සඳහන් කළ හෙතෙම සාමාන්‍ය ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයකට මෙවැනි ප‍්‍රචණ්ඩකාරී පහරදීමකට අණ දුන්නේ කවුද යන්න ආරක්ෂක ඇමැති ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස් ඇමැති සරත් වීරසේකර වහාම රටට හෙළි කළ යුතු යැයි ද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...