ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය මාධයය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ
ශ්‍රී ලංකාවට ඇති තරම් විනාශයන් ගේ අත්දැකීම් ඇති බවත් අප ජාතියක් ලෙස හෙම්බත්ව සිටින බවත්ය .ඒ අනුව තව දුරටත් විනාශය වෙනුවට පූර්ණ වෙනසක් පමණක් අවශ්‍යව ඇති මේ ම්හොතේ අවංක මුත් ලාබාල හා අත්දැකීම් රහිත ජනතා ව්‍යාපාර විනාශ කර ඔවුන්ට නතු කර ගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවයි.
සම්පූර්න මාධ්‍යය් නිවේදනය් පහතින්…
ජයග්‍රහණය පරිණත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකින් පමණි .
පාලකයින් විසින් බිහිකළ ආර්ථික අර්බුදය විසින් ශ්‍රී ලංකාවේ මහ ජනතාව ඉතිහාසයේ පළමු වරට, නිදහසින් පසු මෙතෙක් රට පාලනය කළ පාලකයින් බහුතරයක් ප්‍රතික්ෂේප කරමින් පලවා හැරීමේ උත්සාහයකට අවතීර්ණ වී ඇති බව පෙනේ. එය ඉතාම කාලෝචිත ප්‍රවණතාවකි. නිදහසින් පසු උතුරේ සහ දකුණේ කැරලි සහ සටන් විසින් ඇතිකරන ලද ව්‍යසන, විනාශයන් සහ පරාජයන් තුලින් පරිණත ජනතාවක් සහ ව්‍යාපාර බිහි වී ඇති නමුත් අර්බූදය විසින් දුක්විදින නොඉවසිලිමත් ප්‍රකෝපකාරී ජනතාවක්ද බිහිවෙමින් තිබේ.
වගකිවයුතු සහ පරිණත වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ (UPM ) අපි ස්වාධීන ජන මතයට සහ අති මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති මහජනතාවගේ ක්ෂණිකව පැන නැගෙන අභිලාෂයන් සමග එකගතාවය ප්‍රකාශ කර සිටිමු. නැගී සිටීම පිලිබදව අපගේ ගෞරවයද පුදකර සිටිමු. එලෙසෙම උගත් සහ පරිණත පිරිසක් ලෙස අපි මෙවැනි තත්ත්වයක් ඇතිවු අනෙක් රටවල්වල සහ ඉතිහාසයේ සිදුවීම් පිලිබදව මනා දැනුමක් සහ අවබෝධයකින් යුතුව කටයුතු කරමින් සිටිමු.
දිගු ගමනක ඉතිහාසයක් නොමැති නායකත්වයන් සමග පැන නැගුණු ක්ෂණික විරෝධතා විසින් ගොඩනැගුණු සටන් සහ විප්ලව මහත් විනාශයකට හෝ පරාජයකට පත්වීමේ විශාල අවදානමක් ඇති බව ලෝකයේ නන් දෙස අත්දැකීම් අපට පෙන්වා දෙයි. පැවති පාලනයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් යලිත් සූක්ෂම ලෙස බලය අත් කරගෙන ඇත .එසේ නොවේනම් නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් ඔවුන්ටම බලය පවත්වාගැනීමට ජනතාව අතර යොදා සිටින ඔත්තුකරුවන්ට කඩාකප්පල් ක්‍රියා සදහා අවස්ථාව ලබා දී ඇත. ඊජිප්තුවේ, සිරියාවේ, ලිබියාවේ, ඉරාකයේ, කසකස්තානයේ, බෙලාරුසියාවේ, ඇෆ්ගනිස්තානයේ, සුඩානයේ, බුර්කිනාපසාවේ, මධ්‍යම අප්‍රිකාවේ, සෝමාලියාවේ, සිම්බාබ්වේ රාජ්‍යයේ,
ලෙබනනයේ,තායිලන්තයේ , සිදුව ඇත්තේ එයයි.
ශ්‍රී ලංකාවට ඇති තරම් විනාශයන් ගේ අත්දැකීම් ඇත. අප හෙම්බත්ව සිටිමු. තව දුරටත් විනාශය වෙනුවට පූර්ණ වෙනසක් පමණක් අවශ්‍යව ඇත. ඒ සදහා අවස්ථාවක් ද පැමිණ තිබේ. සංවිධානයක්, අදිටනක් සහ විවෘතභාවයක් ඇති ව්‍යාපාර සහ නායකයින් පමණක් අවශ්‍ය මේ මොහොතේ අවංක මුත් ලාබාල හා අත්දැකීම් රහිත ජනතා ව්‍යාපාර විනාශ කර ඔවුන්ට නතු කර ගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය.
යෝජිත අප්‍රේල් 3 වෙනිදා උද්ඝෝෂණය ඊයේ (මාර්තු 31) මිරිහානේදී බස් ගිණි තැබූ අය වැන්නන් විසින් කලහකාරී නැඹුරුවකට හැරවීමේ විශාල විභවයක් ඇත්තේ මෙම විරෝධතාවට ලැබිය යුතු නිවැරදි හා පරිණත නායකත්වයක් මෙන්ම විහිදුනු සංවිධාන රාමුවක් නැතිවීම තුලය. එලෙසම විවිධ අය පිටුපසින් සිටින මූලධර්මවාදී අන්තවාදී සංවිධානද එයට ඉදිරිපත් වී සූදානමින් සිටී. ඊයේ (31) සිදුවීම මෙයට කදිම සාක්ෂියකි.
අවදියෙන් සහ පරිණත භාවයකින් ජයග්‍රහණය සදහා පමණක් රට ඉදිරියට මෙහෙයවමු. අහිංසාවාදීව විරෝධතාවයට එකතු වන ඔබ අතර සහ අවට සිටිය හැකි වෙනත් අභිමතාර්ථ සඳහා විනාශකාරී ක්‍රියා සිදුකොට ඔබගේ අරගලයේ ප්‍රතිරූපය විනාශ කල හැකි පිරිස් ගැන අවබෝධයෙන් සිටින්න. ඔවුන්ට පවතින බලය රැකගන්නට උපක්‍රමශීලීව කල නොහැක්කක් නොමැති බවද සිතන්න. සාමකාමීව එසේම බුද්ධිමත්ව පියවර තබන්න.
ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය (UPM ).
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...