අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බවද පැවසේ.
මහජන ආරක්‍ෂාව, මහජන සාමය ආරක්‍ෂා කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා මහජන හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර ඇති බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.
1959 අංක 8 දරන පනත, 1978 අංක 6 නීතිය සහ අංක පනත මගින් සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (40 වැනි පරිච්ඡේදය)ප්‍රකාර රාජ්‍ය නායකයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නායකයා විසින් මහජන හදිසි අවස්ථාව ප්‍රකාශ කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...