රට තුළ උද්ගතවෙමින් පවතින අසහනකාරී තත්ත්වය සම්බන්ධව “කුමක් කල යුතුද යන ප්‍රශ්නයට අප සතු විසඳුම” ඉදිරිපත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ආණ්ඩුවේ පක්‍ෂ එකමුතුව විසින් මේ වන විට පැවැත්වෙමින් ඇත. එහිදී අදහස් දැක්වූ හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙසේ අදහස් දැක්වීය.
… පවතින ගැටලු සමූදායක් සම්බන්ධයෙන් සහ ඇතිවිය හැකි ගැටලු සම්බන්ධව මේ තත්ත්වය කලින් අවබෝධ කරගෙන මීට පෙර අපි පක්‍ෂ 11 එකමුතුව විසින් අනතුරු ඇඟවීම් වාර කිහිපයක් ආණ්ඩුව ඇතුලේ සිට පෙන්නුම් කලද ආණ්ඩුව ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ…
…. මෙම තත්වය වළක්වා ගැනීමට සහ පීඩනය අවම කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම, අපේ අදහස පක්‍ෂ එකමුතුව විසින් ලබා දුන්නද ඒ සඳහා ප්‍රතිඵල නොමැති බැවින් අප කණ්ඩායම මාර්තු 02 දා සම්මන්ත්‍රණයක් මගින් රටට එම අදහස ඉදිරිපත් කල අතර, එදා බීරී අලින් වගේ සිටි ආණ්ඩුවේ ප්‍රබලයන්ට අද අප කියූ සත්‍ය වැටහෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...