ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රජයට එරෙහිව රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස බොහෝ පාර්ශවයන් රජයට ඉල්ලීම් කර ඇතැයි පුවත් පත් වාර්තා පවසයි.
මේ අතර ඊයේ (31) රජයට හිතවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ජනාධිපතිවරයා හමුවී දැඩි ලෙස ඉල්ල ඇත්තේ ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතාව සිය ධූරයෙන් ඉවත් කරන ලෙස බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ඇමතිවරයාව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් යලිත් වතාවක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...