ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් ප්‍රකාශ කල අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වොෂින්ටන් චාරිකාවේ දී එම සාකච්ඡා අඛන්ඩව ක්‍රියාත්මක කරන බවද එහි සඳහන්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම්වලට සහභාගිවීම සඳහා මුදල් අමාත්‍යවරයා මෙලෙස ඇමරිකාව බලා පිටත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව මෙලෙස මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ මෙරට විදෙස් සංචිතය 2020 ජනවාරියෙන් පසු සියයට 70කින් පමණ පහත වැටීමෙන් පසුවය.
ඒ තුළින් ඉන්ධන ඇතුළු මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති පසුබිමකදීය.
මූල්‍ය අරමුදලේ සහාය ලබන මූල්‍ය වැඩසටහනක් කරා යාම පිළිබඳව ලක් රජය සිය අභිලාෂය පළ කර ඇති බවයි අයි.එම්.එෆ්. ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ වසර තුළ ඩොලර් බිලියන 4ක ණය පියවීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහය ලබාගැනීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රොයිටර් වාර්තා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...