රජය සතු බහුතරය නැති කරන ප‍්‍රකාශවල වලංගු භාවයක් නොමැති සේම ආණ්ඩුවේ බහුතරය කිසි ලෙසකින් හෝ සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහනුවරදී මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ඇමැති ධුර අඩු කිරීම නොව ආණ්ඩුව වඩාත් ඵලදායී ලෙස සක‍්‍රීයව වැඩ කිරීම මේ අවස්ථාවේ කළ යුතු යැයි ද අගමැති ධුරය භාර ගන්නා ලෙස කිසිදු අවස්ථාවක රජය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර නොමැති යැයි ද කී ඇමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා අත්දැකීම් ඇති අගමැති ධුරය කිහිපවතාවක් හෙබවූ පරිණත දේශපාලනඥයකු බව කීවේය. ඔහුගේ අදහස් හා යෝජනාවලට කන්දීමට සූදානම් වුවත් ඔහුට අගමැති ධුරය පිරිනැමීමට කිසිදු බලාපොරාත්තුවක් නොමැති බවත් ඒ මහතා කීය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයන්ට චෝදනා කිරීම පෙර චෝදනා කළ යුත්තේ ස්වභාව ධර්මයට බවත් කොවිඞ් හමුවේ සමස්ත ලෝකයම අර්බුදයකට පත්වූ බව අමතක නොකළ යුතු බවද විදේශ විනිමය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූව නිරාකරණය කර ගැනීමට මිත‍්‍ර රටවල සහය ලැබී තිබෙන බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...