දේශීය පුවත්

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ,

“…. මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

… ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ හරි අවබෝධයක් ලබාදෙන ආකාරයක් අපිට පේන්න නෑ. මැති ඇමතිවරු නොයෙක් කතා කියනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ශෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ?

එහෙම නොවී තව තවත් අයාලේ යන්න ඇරලා, සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More