දේශීය පුවත්

ඊයේ විරෝධතාවය අතර තුර කැලණිය දළුගමදී විරෝධතාකරුවන් පිරිසක් විසින් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බව වාර්තාවේ.

විරෝධතාකරුවන් පිරිස මාර්ගය මැද තිබූ දැව කඳන්වලට ගිනි තබා මාර්ගය ඔස්සේ ගමනාගමනයට බාධා එල්ල කිරීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.

මේ අතර මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට පිවිසෙන පැඟිරිවත්ත මාවත අසලට රැස්ව සිටි තවත් විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවද අප වාර්තාකරුවෝ පවසති.

පොලිසිය උද්ඝෝෂණ කරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ ආරක්ෂක නිලධාරීන්ට ගල්මුල් සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගෙන ප්‍රහාර එල්ල කිරීම සහ පොදු දේපළවලට හානි කිරීමත් සමඟ බවද අප වාර්තාකරුවෝ පවසති.

උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බස් රථයකට ගිනි තැබීමට විරෝධතාකරුවෝ කටයුතු කර තිබේ ඒ අනුව ඊයේ ඇතිවූ සිද්ධියත් සමඟ අවම වශයෙන් ගිනි තැබීම් දෙකක් සිදුවී ඇති බව වාර්තා වේ.

“ගෝඨා ගො හෝම්” යනුවෙන් සටන් පාඨ පවසන විරෝධතාකරුවන්ගෙන් කිසිදු විටක බැසිල් රාජපක්ෂ මහතාට විරෝධතාවයක් එල්ල කරන බවක් දක්නට නොලැබුණු බවද අප වාර්තාකරුවෝ පවසති.
මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥයෙකු අපවෙත පවසා සිටියේ, බැසිල් රාජපක්ෂ මහතාගේ අර්මුණට අනුව ඉක්මනින් ජනාධිපති පුටුවේ වාඩිවීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවෙන් බැස යායුතු බවත් දැන් තිරගතවන්නේ එම චිත්‍රපටියේ නාමාවලිය ප්‍රදර්ශනය කිරීම පමණක් බවත්, විරාමයට පෙර කොටස අප්‍රේල් 3 වෙනිදා තිරගත වීමට නියමිත බවත්ය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More