දේශීය පුවත්

රාජපක්‍ෂ චරිතයක් වන බැසිල් මහත්මයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් බවත් ඔහු නැවත ආණුඩවට පැමිණ 69 ලක්‍ෂයක පමණක් නොව මුළු මහත් දේශයට ආදරය කරන ජනතාවගේ උතරීතර අභිලාශයට හානියක් වේවි යන බිය සහ සැකය සියලුදෙනා තුළම තිබූ බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (31) පැවසූහ.

සියලුම දෙනාගේ මතය තුටිටුවකට මායිම් නොකර ද්විත්ව පුරවැසිභාවය නැවත ගෙන එමින් ආණ්ඩුව ලොකුම වැරැද්ද කළ බවත් පසුගිය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව පිරිහෙන්න හේතුව පවුල් පාලනය බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ කීය.

නාරාහේන්පිට අභයාරාමයේදී ‘පැවිදි හඬ සංවිධානය’ අද (31) පැවැත්වූ විශේෂ සංඝ සම්මේලනයේදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ පැවසූහ.
එහිදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.

“හැබැයි මේ වන විට ඒ තත්වය ඊටත් එහා ගිය තත්වයක් අපි දකින්නේ නැද්ද? ඒ නිසා අපි එතුමට කිව්වේ ඒ අයට තරමක් පැත්තකට වෙලා ඉන්න කියලා මේ ගමන යන්න ඕන.

ජනතාව අපේක්‍ෂා කරන්නේ නෑ ඒ විදිය පාලනයක්. එදා ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාස කියන දෙන්නා අතරින් බලයට ගත යුත්තේ කවුද කියන එක මහා සංඝරත්න තීරණය කළා වගේම වර්තමානයේ මොවුන් කරන ක්‍රියාවලුත් බලාගෙන ඉදලා ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක තීරණය කිරීමට මහා සංඝරත්න පෙනී සිටිනවා.

එහිදී ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසූහ.

“අද අපි මුහුණ දෙන තත්වය ඇතිවුණේ ‘කොවිඩ්’ ප්‍රශ්නය නිසාම කියලා කාටවත් ගැලවෙන්න බෑ. ඒ කාලය ගිහින් ඉවරයි. ඒ තත්වයට මුහුණ දුන්නේ අපේ රට පමණක් නොවෙයි.

ඒ තත්වයෙන් ගොඩඑන්න කියලා සුමන්දිරන් මහත්මයාලාගේ බලාපොරොත්තු ඉටු කරන්න උනොත් ශ්‍රී ලංකාව වෙනම කෑල්ලකට කැඩිලා වෙනම රාජ්‍යයක් බිහිවෙන එකත් වලක්වන්න බැරි වෙනවා”

මුරුත්තෙටිටුවේ ආනන්ද හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

“ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට එන විට අපි හැමදෙනා තුළ තිබුණු සතුට අද ඇත්තේ නෑ. අපි කවදාවත් මෙහෙම පෝලිම් යුගයක් දැක්කේ නෑ. පක්‍ෂ විපක්‍ෂ හැම දෙනාගේම අප්‍රසාදයක් දවසෙන් දවස සතියෙන් සතිය වැඩි වෙමින් පවතිනවා. මේ ආණුඩවේ කළමනාකරණයක් නෑ. අධීක්‍ෂයකුත් නෑ. සුදුස්සන් සුදුසු තැන්වලත් නෑ. නිස්සන් නිසිතැන්වල වැජබේවා. මේ ආණුඩවේ ඒක නෑ. ජනාධිපතිතුමාට කියන්නේ දැන්වත් මේ ආණ්ඩුවේ අඩුපාඩු හොයන්න, උනේ මෙකක්ද කියලා හොයන්න. ජනාධිපතිතුමනි වටේ ඉන්න කේවට්ටයො ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරියට යන්න යනවා නම් අපිටත් සිද්ධවෙයි බොහෝම ඉක්මණින් වෙන පැත්තක් බලාගන්න”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More