දේශීය පුවත්

මේ වන විට සමාජය තුළ දැඩි කුතුහලයක් ඇති කළ “අප්‍රේල් 03 ඉරිදා සවස 03 ට පාරට බහින්න” ඉල්ලිම සහිතව ‘ ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය පෙරදැරි කරගත් මෙහෙයුම චම්පික රණවක මහතාගේ 43 වන සේනාංකයේ මෙහෙයුමක් බව කරුණු සනාත වෙමින් පවතින බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය පවසයි.

අදාළ සමාජ ජාලා මෙහෙයුම් ක්‍රියාන්විතය ආරම්භ වූ අවස්ථාවේදි ආණ්ඩු විරෝධි තරුණයන් තුලත් වත්මන් තත්වය තුළ පීඩාවට පත්ව සිටින නාගරික මැද පංතිය තුළත් විශේෂ ආකර්ෂණයක් ලබා ගත් බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ නීර්ක්ෂණය වූ බව එහි සාමාජිකයෝ පවසති. අප්‍රේල් 03 මහජනයා පාරට බස්සවා ගැනීමේ මෙහෙයුමේ මුල් පැය කිහිපය තුළ මෙම ක්‍රියාන්විතය ජවිපෙ තරුණ අංශයේ සහ පෙසප යේ ශිෂ්‍යය අංශයේ මෙහෙයුමක් ලෙස සමාජ ගත වන්නට ඉඩ හැරීමට එහි සැබෑ සංවිධායකයෝ කටයුතු කළ බවද එම ඒකකයේ නිරීක්ෂණය වූ බවද ඔවුහු පවසති.

වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එකොලහ මුනිවත රැකීම හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනයා විමල් -උදය-වාසු ඇතුලු ආණ්ඩු විරෝධි කණ්ඩායම්ද මෙම විරෝධතාවයට නිහඬ ආශිර්වාදය පල කරන බව වටහා ගත් බවක් දක්නට ලැබුණු බව පර්යේෂණ කණ්ඩායමේ මතයයි. කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස මතවරුන් විසින් තම සමාජ ජාලා ගිනුම් මගින් මෙම ව්‍යාපාරයට නායකත්වය තමන් විසින් ලබාදෙන්නේ යැයි හැඟෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම මගින් තත්වය වෙනස් වූ බව පර්යේෂණ කණ්ඩායමේ අදහසයි. මෙම තත්වය තව දුරටත් අවුලෙන් අවුලට පත් කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා “වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකියි” කියා ප්‍රකාශ කිරිමත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අප්‍රේල් 03 සවස 3ට පවත්වන විරෝධය “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණය” ලෙස නම් කිරීමත් නිසා විරෝධතාවයට ජනයා සහභාගි කරවීමට නිර්මාණය කළ ‘වට්ස් ඇප්”‘ ජාලා තුළට ගොනුවූ පිරිස් අවුල් සහගත තත්වයකට පත්ව ඇති බවද පර්යේෂක කණ්ඩායම් සාමාජිකයෝ පවසති.

ඇතිවී තිබෙන නව ප්‍රවනතාවය සම්බන්ධයෙන් 43 සේනාංකයේ නියමුවෝ නොසතුටෙන් සිටින බවත්, “ඩෑෂ් පහර” පිටියෙන් ඉවතට යන පරිදි රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස පහර දුන් බවට චෝදනා කරන බවත් 43 වන සේනංකයේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසන බවත් ලංකා ලීඩ් පර්යේෂකයෝ පවසති.

කෙසේ වුවද අප්‍රේල් 03 වනදා ජනතාව පාරට බස්සවා ගැනීමට 43 කණ්ඩායම වෙනත් උපක්‍රම තෝරමින් සිටින බව තහවුරුව ඇති බවද ලංකා ලීඩ් පර්යේෂකයෝ අවධාරණය කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More