පසුගියදින TNA පක්ෂය සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවේදී වර්තමාන ආර්ථික ගැටළුව විසඳීම පිළිබඳව TNA පක්ෂය ජනාධිපතිතුමාට දුන් උපදෙස් පිළිබඳව “ලංකා ලිඩ් නිවුස්” වෙබ් අඩවියේ විමර්ෂණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එහිදී එතුමා පවසා සිටියේ ආර් ප්‍රේමදාස මහතා අළුත්කඩෙන් එළියට විසිකරන කොළ කියවා නීතිය පිළිබඳව ඉගෙන ගත්තාසේ ජනාධිපතිතුමාත් සුමන්දිරන් මංත්‍රීතුමාගේ කතාවෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තාද කියා සැකයක් මතුවෙන බවයි.
ජනාධිපතිතුමා කුමක් බලාපොරොත්තුවෙන් සර්ව පාක්ෂික සමුළුවට අමතරව රටේ ඇති වත්මන් අර්බුදයට පිළිතුරු අපේක්ෂාවෙන් TNA පක්ෂයට සාකච්ඡාවට වෙනම අවස්ථාවක් දුන්නද කියන්න අපි දන්නේ නැහැ. අපිට හිතෙන්නෙ මේකත් ජනාධිපතිතුමා වටේ ඉන්න කේවට්ටයින්ගෙ තවත් උගුලක් වෙන්න පුළුවන්. හේතුව, සර්ව පාක්ෂික සමුළුවේදී ඔය සඳහන් කළ අනෙකුත් ජාතිවාදී ඉල්ලීම් ඉදිරිපත් කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ණය ගෙවීම රීස්ට්‍රක්චර් කරන්න කියන උපදෙස තමයි සුමන්තිරන් මහතා පවසා සිටියෙ. ඊට අමතරව පවසාසිටි අනෙකුත් ඉල්ලීම් සියල්ලම ඨ්ණැ එක පමණක් නොව ළ්ඨ්ඨ්E සංවිධානයද මුල සිටම ඉල්ලා සිටින දේවල්. ණය රීස්ට්‍රක්චර් කරන්න කියන විසඳුම අළුත් යෝජනාවක් නොවෙයි. අපි දන්නෙ නෑ ජනාධිපතිතුමා ඒ පිළිබඳව නොදැන හිටියද කියල. එසේ නොදැන හිටියනම් එයත් හරියට ආර් ප්‍රේමදාස මහතා අළුත්කඩේ උසාවියෙන් විසිකරන කඩදාසි කියවා නීතිය ඉගෙන ගත්තා වගේ කතාවක්. ඒකත් වෙන්න බැරි නැහැ. හේතුව ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් වෙන අය කියන දේකට ඇහුම්කන් දෙනව අඩුයි කියා මතයක් තියෙනව. එබැවින් මීට පෙර එතුමා එවන් දෙයක් කිරීමට හැකියාව ඇති බව නොදැන ඉන්න ඉඩ තියෙනව. එහෙම උනොත් එය එතුමට අළුත් අදහසක් වෙන්න පුළුවන්. නමුත් අර පන්නල දාපු කැබිනට් ඇමතිවරුත් එදා කිව්වෙ ඒ දේම තමයි. ඒ කිව්ව දේ පිළිබඳව විචාර බුද්ධියෙන් එතුමාට අහන්න බැරි වෙන්න ඇති. හේතුව ජලයට වැඩිය ලේ ඝනකම නිසා වෙන්න පුළුවන්. මගේ මිත්‍රයෙක් තවත් ඉදිරියට ඒ පිළිබඳව යමින් කියා තිබුනා ලේ වලට වැඩිය මඩ ඝනකමයි කියල. දැන් ඒ බව සිද්ධවෙන දේවල් අනුව පැහැදිලි වෙනව.
බරපතල කාරිය තමයි උතුර සහ නැගෙනහිර ජනයා පදිංචියට ගෙනා යෝජනාවලට එකඟ උනා යැයි ප්‍රකාශ කිරීම. ඒ වගේම සම්බන්ධන් මහත්තය කියන නොබෙදුනු රට. ඒක ඔරිමිත්තනාඩුව බව නොදන්නවනම් ඔය වගේ සාක්ච්ඡා වලට යෑම බොහොම භයානකයි. පාලකය උනහම ක්ෂණික උත්තේජන වලට රැවටීම නොව සංවේදී වීම විය යුතුයි. වසර තිහක යුද්ධය පැවතුනේත්, 29,000 ක් සෙබළුන්ට ජීවිත අහිමි උනෙත්, 14,000 ක් සෙබළුන් ආබාධිත උනෙත් ඔය කියන භූමියේ අයිතිය වෙනුවෙන් තමයි. දැන් බන්දේසියක තියල ජනාධිපතිතුමා මේ සැරසෙන්නෙ එය දීල දාන්නද කියන ප්‍රශ්ණය පැන නගිනව.
වගවීමේ යාන්ත්‍රණය ගැන නම් දැන් අපි කිව්වට වැඩක් නෑ. බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා ආයෙ අභ්‍යන්තර යාන්ත්‍රණයකට මුහුණ දුන්න කියල වෙනස් වෙන්න ලොකු දෙයක් නැති වේවි. යහපාලන රජය අනුමත කළ පණත් අනුව මෙරට ඳඬුවම් විඳින අතරෙ උවත් අවශ්‍යනම් වෙනත් රටක නඩුවකටත් චූදිතයෙකු කරන්න හැකියාව තියෙනව. එම පණත් කිසිවක් මෙම රජය පත්වුනා කියා වෙනස් කරේ නෑ. යුද අපරාධ චෝදනා වලට පිළිතුරු දීල ඉන් නිදොස් වෙන්න හැකියාව ඇත කියල ලොකු ලොකු තනතුරුවල ඉන්න රණවිරුවන්ට ව්ශ්වාසයක් නෑ කියල තමයි හිතන්න වෙන්නෙ. යුධ අපරාධ චෝදනා ලැබූ සමහර රණවිරුවන්ගෙ අදහස ඩයස්පෝරාව එන්ගේජ් කර ගැනීම. ඇමරිකාවෙන් ආව ඒජන්තවරියටත් ජනාධිපතිතුමා පොරොන්දුව දී තියෙනව කැනඩා සහ ලංඩන් වල ඩයස්පෝරාවට කතාකරන්න. කැනඩා ඩයස්පෝරාව තමයි දැනටත් හොඳටම කරල තියෙන්නෙ. කැනඩාවේ ටොරොන්ටෝවල දෙමල සමූල ඝාතන සතියක් සමරන්න මැයි මාසෙ 19 යෙන් අවසන්වන සතිය ව්‍යවස්ථානුකූලව වෙන්කරගෙන ඉවරයි.
69 ලක්ෂයේ බහුතරයයි ජනාධිපතිතුමයි අතර පරතරය වැඩිවේගෙන යද්දි ඒ හිස් තැන පිරවීමට වෙනත් ජාතිවාදී බලවේග පැමිණෙන බවක් පෙනෙනව. ආගමික අන්තවාදී කල්ලි වලටද නුදුරේදීම මෙම රජය ප්‍රාණ අපයට ගන්නට හැකිවේවි කියා හිතනව. දැනටනම් මෙම රජය බලයට ගෙන ඒමට දායක උන ප්‍රභල පැවිදි උතුමන් වහන්සේලා කියන්නෙ කාවන්තිස්ස රජතුමා දුවව බිළි දුන්නා සේ බිල්ලක් දෙන්න කියලයි. නමුත් මෙතනදි ස්වාමීන්වහන්සේල පැහැදිලිව කියනව ඒ බිල්ල පසුව විහාරමහාදේවී උන බිල්ල සේ සුදු බිල්ලක් නොවෙන බව. වැඩි ප්‍රමාදය අඩු පිළිසකර කිරීමකට තමයි ඉඩ හරින්නෙ. එබැවින් වර්ගවාදීන්, ආගම්වාදීන්, ඊළාම්වාදීන්, යළි ඉපදෙන්නවුන් ආදී දුෂ්ඨ බලවේග වල ග්‍රහණයට නතු නොවී, ඒ මර උගුල් වලට අසු නොවී, 69 ලක්ෂයක් අනුමත කළ මාර්ගයේ ගමන් කිරීම සුදුසු බව ප්‍රකාශ කරන්න කැමතියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...