දේශීය පුවත්

ශී‍්‍ර ලාංකික ජාතික තලයේ පූර්ණ පුරවැසියන් වීම සඳහා ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දමිළ ජනතාවට අවස්ථාව ලබාදීමට මැදිහත්ව කි‍්‍රයාකරන ලෙස තමා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයිශංකර් සහ දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා මෙසේ ද කීවේය.

…. ‘‘දමිළ ජනතාවගේ ප‍්‍රශ්න ගැන මැදිහත්ව කටයුතු කරන්න ජෙයශංකර් මහතා කි‍්‍රයාකරන බව පැවසුවා. අපේ ජනතාවගෙන් ලක්ෂ 05 ක් පමණ කඳුකරයේ ජීවත් වෙනවා. ඒ අයට තවමත් විශාල අඩුපාඩු පවතිනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල වගේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලත් විශාල අඩුපාඩු තිබෙනවා. මේවා සපුරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා රජය සමඟ එක්ව අපට උපකාර කරන්න කියලා අපි ඉන්දීය විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා….

…. දමිළ ජනතාවගේ දේශපාලන උවමනාවන් සම්බන්ධවත් අපි කතා කළා. සිංහල හින්දු අලූත් අවුරුද්ද ගත කිරීමට ඉන්දියාව මේ අවස්ථාවේ මෙරටට කර ඇති උපකාර පිළිබඳව අපි ඉන්දීය රජයට ස්තුති කළා. දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය හැටියට අපිට පක්ෂ විපක්ෂ ප‍්‍රශ්නයක් නැහැ. ඉන්න තැන නෙවෙයි වැදගත් ශී‍්‍ර ලාංකිකයන් හැටියට ගෞරවයෙන් ජීවත්වීමයි වැදගත්. ඒ වෙනුවෙන් ඉන්දියාව සෑමවිටම මැදිහත්ව කි‍්‍රයාකරන බව පැවසීම සතුටක්…..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More