මුහුණු පොතෙන්

පාරට බහිනවද?

දැන් අප්‍රේල් 03 වෙනිදා රට පුරාම පාරට බහිමු කියලා කැම්පේන් එකක් යනවනේ. ඕකෙදි කීප දෙනෙක් මගෙනුත් ඇහුවා මොන ටවුන් එකෙන්ද පාරට බහින්නෙ කියලා. ඒ අයට දීපු උත්තරය සහ ඕක ගැන මට තියෙන පෞද්ගලික අදහස තමයි මේක.

මේ විරෝධතාව ඇත්තටම මහජනතාව අතරින් එන එකක් නෙවෙයි. කාගෙහරි ප්ලාන්ටඩ් කැම්පේන් එකක්. අපි තාම නොදන්නේ කවුද මේක ප්ලාන්ට් කලේ කියන එක විතරයි. නිකමට ඔය වට්ස්ඇප් ගෘප් ටික චෙක් කරගෙන යන්න, ඒවා සියල්ලේම වගේ පොදුවේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම පේනවා ඔය මං කියන කාරණාව. එකම දේ ඔය මිනිස්සු විවිධ කාලවල විවිධ ඇජෙන්ඩාවලට වැඩ කරපු මිනිස්සු.ඒකයි මං කියන්නේ ඕක කාගෙ ප්‍රොජෙක්ට් එකක්ද කියලා දන්නෙ නෑයි කියන එක. හැබැයි මේක ප්‍රොජෙක්ට් එකක්. ඒක ෂුවර්. අවාසනාවකට ඒ වෙනුවෙන් පොදුවේ මිනිස්සු අතරෙ තියෙන බරපතළ පීඩනය සහ විරෝධය ‘යූස් වෙන්න’ නියමිතයි.

අනික මේක ඇත්තටම පොදු මහජනතාව අතරින් මතු වුණාය කියමු. ඕක කවුරුහරි පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් හයිජැක් නොකරාවි කියලා කාටද සහතික වෙන්න පුළුවන්. මට මතකයි අර ගාලු ග්‍රවුන්ඩ් එක බේරගන්න සාමාන්‍ය ජනතාව අතරින් ආපු විරෝධතාව පොහොට්ටුවෙ හාදයො ටිකක් ලස්සනට හයිජැක් කරපු විදිය.. 😊😊

වඩා බරපතළම කාරණාව ඕක නෙවෙයි. මේ වැඩේ කරනකොට ඒක ඕගනයිස් කරන පිරිසට හෝ කාටහරි ඒ ගැන නිශ්චිත වැඩපිළිවෙළක්, ප්ලෑන් එකක් තියෙනවද?එහෙම එකක් තාම නෑ නේද? විරෝධතා පුවරුවක් ඇඳගෙන ළඟම තියෙන ටවුමට එන්න කියන එක නෙවෙයි ප්ලෑන් එක කියන්නේ. මේ විරෝධතාව හරහා ළඟා කරගන්න “අපේක්ෂිත ප්‍රතිඵලය, අරමුණ සහ ඒ හරහා සාධනය කරන විකල්පීය විසඳුම” මොකක්ද කියන එක ගැන අදහසක් තියෙනවාද?නැත්නම් එදා රෑට ටීවී චැනල්වල ප්‍රයිම් ටයිම් නිව්ස් බෙල්ට් එක පුරවන්න වීඩියෝ ෆුටේජස් ටිකක් හදලා දෙන්නයි, පහුවදා පත්තර ටිකේ නිව්ස් වින්ඩෝ එක වහන්න නිව්ස් එකක් හදලා දෙන්නයි නිවාඩු දවසෙ පාරට ඇවිත් කෑගහලා යනවා වගේ පොඩි ළාමක වැඩක්ද මේ කරන්නේ? එහෙම ගත්තාම අපරාදෙ නේද?

භයානකම කාරණාව ඒක නෙවෙයි. මේ හරහා යම් හෙයකින් ‘Social Unrest’ එකක් නැත්නම් “මහජන කැළඹීමක්” ඇතිවු⁣ණොත් ඒ හරහා මොන තරම් බරපතළ සිද්ධිදාමයක් දිගහැරෙයිද, ඒ හේතුවෙන් කොච්චර නරක දේවල් ප්‍රතිඵල විදියට ලැබෙයිද, ඒ ටෙන්ස් සිටුවේෂන් එක කොච්චර කාලෙකට ඇදෙයිද කියන එක සම්බන්ධයෙන් ප්‍රාමාණික අදහසක් කාට හෝ තියෙනවද? නෑ නේද? ෆේස්බුක් පෝස්ට් එකක් දාලා කොල්ලො කෙල්ලො ටිකක් පාරට බස්සලා කෑගස්සනවාට වඩා ඒක මාර ක්‍රිටිකල් වැඩක්..

මේකෙන් කියන්නෙ නෑ මිනිස්සු ආණ්ඩුවට එරෙහිව තමන්ගේ විරෝධතාව දක්වන්න එපාය කියලා.. හැබැයි ඒ කරන වැඩේ ප්‍රතිඵලයක් තියෙන්නෝන නේද?. මේක අල වු⁣ණොත් හෝ ට්‍රැජඩියක් වුණොත් අපරාදෙ. ඒ අපරාදෙ මිනිස්සුන්ට මිස ඔය ප්‍රොජෙක්ට් එකේ අයිතිකාරයන්ට නෙවෙයි, උන්ට ඕන දේ කෙරෙනවා. වැරදිලා හෝ යම් දෙයක් සිද්ධවෙලා ජීවිතයක් නැතිවුනොත් (එහෙම වෙන්නෙපා) ඒක එයාලට අමතර වාසියක්.. මේ වෙලාවෙ කීප පාර්ශ්වයක්ම ඉල්ලමින් ඉන්නෙත් ‘මිනියක්’..

ඒ නිසා විරෝධය දක්වන්න. ඒකට හරි ක්‍රමයක් තෝරගන්න. මේක මගේ පෞද්ගලික අදහස විතරයි. ඔබට රිසි පරිදි මේක හෝ ඒ වැඩේ කියවාගන්න සම්පූර්ණ අයිතිය තියෙනවා..
එකඟවීම් හෝ එකඟ නොවීම් මොනවා තිබ්බත් අපට 03 වෙනිදා හවසට මේ ගැන ආපහු කතා කරන්න පුළුවන් 😊

මිනිස්සුන්ට ජය වේවා !!!

– සමිත් බෝධිපක්ෂ – Face Book

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More