දේශීය පුවත්

මේ වන විට සංවිධායකයන් කවුදැයි හඳුනා ගැනීමට නොහැකිව “අප්‍රේල් 03 ඉරිදා සවස 03 ට පාරට බහින්න” යන ඉල්ලීම සහිතව සමාජ මාධ්‍යය ජාලා හරහා නිර්මාණය වූ විරෝධතා ව්‍යාපාරය පිටුපස සමගි ජන බලවේගයේ ඉහළ නායකත්වයේ මෙහෙය වීමෙන් සිදුවන්නක් බවට බරපතල සැක පහළ වෙමින් පවතී.

ඉතාම කෙටි කාලයක් තුළ නිර්මාණය කළ “වට්ස් ඇප්” ජාලා සාමාජිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් නව “වට්ස් ඇප්” සමාජ ජාලා නිර්මාණය වූ අතර ඒවායේ සිටි බොහෝ දෙනෙකු මෙම විරෝධතාවයන් සංවිධානය කරන්නේ කවුරුන්දැයි නොදන්නා බවක් දක්නට ලැබෙන බව ලංකා ලීඩ් විමර්ශන කණ්ඩායම අප වෙත පවසා සිටියේය. කෙසේ වුවද මෙම” වට්ස් ඇප්” කණ්ඩායම් තුළ මෙම ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමට ලක්කරන පුද්ගලයන්ගේ අනන්‍යයතාවය එලිදරව් කරමින් එම “වට්ස් ඇප්” කණ්ඩායම තුළ සියුම්ව තර්ජනය කරන පිරිස් සිටින බවත් ඔවුන් සමහර විට පෞද්ගලිකවම දුරකථන අංක වලට කතා කර ඔවුන්ගේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීමෙන් වැලකී සිටින ලෙස පවසන බවද ලංකා ලීඩ් විමර්ශන කණ්ඩායම අනාවරණය කරයි.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස විවෘතවම මෙම විරෝධතාවයන්ට සහභාගි වන ලෙස පැවසීම මගින් මෙය සජබය මෙහෙයවන විරෝධතාවයක් බව මේ වන විට තහවුරු වී ඇති බවද විමර්ශන කණ්ඩායම පවසා සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෙකු අපවෙත පවසා සිටියේ ” මෙය 1976 නොවැම්බර් 12 වෙනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඝාතනයට ලක්වූ වීරසූරිය පන්නයේ සිද්ධියක් නිර්මාණය කර ගැනීම පිණිස නිර්මාණය වන ක්‍රියාවලියක්. රටේ ජනතාව මේ ආන්ඩුව එක්ක ඉන්නේ තරහින්. මේ ආණ්ඩු විරෝධය ඵලදායි ආකාරයෙන් යොදා ගන්නා දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය දැඩිව තිබෙනවා. එය පසෙකලා හරීන් ප්‍රනාන්දුලාගේ උපක්‍රමය වන ‘අරාබි වසන්තය’ වැනි ව්‍යාපාරයක් හරහා රට තව තවත් අර්බුදය දෙසට තල්ලු කිරීමේ උත්සහ කිරීමට තමයි මේ හදන්නේ. මේ උගුලට ජනතා පය නොතියන බව අපට විශ්වාසයි.” යන්නයි.

ආණ්ඩුවේ පක්ෂ එකොලහ මෙම ක්‍රියාවලිය සඳහා සහයෝගය දක්වන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජිතයෙකු පවසා සිටියේ, රට අද තියෙන තත්වයට ණය උගුලක හිර කරවීමට මූලිකවූ එජාපයේ වත්මන් දිගුව වන සජබයේ මුග්ධ විරෝධතා වලට තම කණ්ඩායම කිසිදු ආකාරයක සහයෝගයක් නොදක්වන බවත් මෙම ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ හසු නොවන ලෙසත් ආණ්ඩු විරෝධි සියළු ජනයාගෙන්  ඉල්ලා සිටින බවද අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, ආරක්ෂක හමුදා වෙඩි පහරකින් මිය යන පුද්ගලයෙකුගේ හෝ පුදගලයන් පිරිසකගේ මළ මිනී කරතබාගෙන “ගෝඨාභය රාජපක්ෂ එලවා දමමු!” යන සටන් පාඨය තීව්‍ර කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණ වන බවත් එමගින් වත්මන් ආණ්ඩුවේ ජන ප්‍රසාදය බිංදුවට වට්ටවා 69 ලකෂයකගේ අපේක්ෂා බිඳ දැමූ බැසිල් රාජපක්ෂව ඉදිරි කාලය සඳා ජනාධිපති කරවීමේ උවමනාවද මේ පිටුපස තිබෙන බවට සැක සහිත බවද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More