දේශීය පුවත්

මාර්තු 31 අව්ව හරි සැරයි

March 31, 2022 6:00 am | Lanka Lead News

පළාත් කිහිපයකට මාර්තු 31 දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයයොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වේ.

මේ හේතුවෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණයවීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, හැකි තරම් සෙවණ ඇති ස්ථානවල විවේකගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවීම, කුඩා ළමුන් තනිව වාහනවල රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වැළකීම, සුදු හෝ ලා පැහැ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි උපදෙස් අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඉදිරි දිනවලදී ඇරඹෙන බැවින් මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයේ ඉහළයාමක් සිදුවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More