දේශීය පුවත්

ශ්‍රී ලංකාවට ‌ඖෂධ ආනයනය කරන ප්‍රභල සමාගමක විධායක නිලධාරිනියක් විසින් ‌ඖෂධ පාලන මිල ඉවත් කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟකරගෙන ඇති බව රජයේ ‌ඖෂධවේදීන්ගේ පිරිසක් අප වෙත පැවසීය.

එම සමාගම ‌ඖෂධ ආනයනයෙන් 60%ක් පමණ අත්පත්කරගෙන සිටින සමාගමක් බව ඔවුහු පවසති. ඔවුන්ගේ තොරතුරු අනුව මිල පාලනය ඉවත් කිරීම සඳහා උද්ඝෝෂණයක් ඇති ලෙස ඇමති බැසිල් රාජපක්ෂ විසින් උපදෙස් දී ඇත. ඒ අනුව ‌ඖෂධවේදීන් මෙම දුෂ්ඨ ක්‍රියාවට එකඟ නැති බැවින් රත්නපුර ප්‍රදේශයේ ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂයට හිතවත් සමස්ත ලංකා ‌ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය නැමති සංගමයක් යොදාගනිමින් මෙම බලපෑම කිරීම සඳහා අදාල සමාගම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඖෂධවේදීන්ගේ මතය අනුව ‌ඖෂධ පෝලීම් ඇතිවීම වැළැක්වීම මුවාවෙන් මිල පානය ඉවත් කළහොත් ‌ඖෂධ මිල අහස උසට නැගෙන අතර අදාල මහා සමාගම සහ ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට කෝටි ප්‍රකෝටි ගණනින් අමතර ලාභයක් ලැබෙනු ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස කස්තුරි විල්සන් නැමති බලවත් කාන්තාවක්    සිටින බවට ද ‌ඖෂධවේදීන් චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More