ඉන්ධන සහ වර්ෂාවත් නැති වූවොත් අලුත් අවුරුද්දේ දී ජනතාවට පැහැදිලිවම අඳුරේ සිටීමට වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණය අනුව ඉදිරියේදී විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන තවදුරටත් දීර්ඝ කිරීමට සිදු ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.
…. “පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපිට ලැබුණ ප්‍රමාණය අනුව අද පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියට තවත් කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද බාච් විදුලි බලාගාරයේ තව දින තුනකට පමණ තමයි තෙල් ඉතිරි වෙලා තියෙන්නේ. ඒ අනුව කපන ප්‍රමාණය තව වැඩිකරන්න වේවි. පැහැදිලිවම අපිට ඉන්ධන ලබාදෙනවා නම් අපිට විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නේ පැහැදිලිවම රජයට හා ඒ අදාළ ආයතනවලට අපිට ඉක්මනින් තෙල් ටික ලබාදෙන්න. අපි විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න අපිට පුළුවන්. අපිට එතකොට ගැටලුව තියෙන්නේ ජලවිදුලි බලාගාර නැති එක තමා. දැනට ඉතා අඩු මට්ටමකට ඇවිත් තියෙනවා ජල මට්ටම්. එහෙම වුණත් අපිට දවාලට මෙගා වොට් 300කුත් රාත්‍රීයට මෙගා වොට් 700කුත් ලබාදෙන්න පුළුවන්.”… යැයිද වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...