මේ දිනවල පවතින ඉන්ධන අර්බූදය නිසා ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවන උනුසුම් තත්වයන් හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් පාහේ තම වාහන වල ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ ලෙස සඳහන් පුවරු ගලවා ඉවත් කර ඇතැයි ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති..
පාර්ලිමේන්තුව මඟින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පමණක් මෙම පුවරු නිකුත් කරන ලද්දේ හදුනා ගැනීමේ පහසුව සඳහාය.
නමුත් මේ දිනවල රට පුරා ඇති ඉන්ධන සහ ගෑස් පෝලිම් වලදී ආණ්ඩුවට දැවැන්ත ජනතා විරෝධයන් එල්ල වෙමින් පවතී. මේ අතර ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ ස්වයංසිද්ධ ජනතා විරෝධයන් එල්ලවීමේ අන්තුරක් ඇති බව බුද්ධි අංශ වාර්තා පැවසීම නිසා ඉන්ධන පිරවුම් අසලට යුද හමුදාව කැඳවීමට කටයුතු කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...