දේශීය පුවත්

13 වැනි සංශෝධනයෙන් වැඩක් නැති බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයා කරන ලෙසත් ද්‍රවිඩ ජාතික ජනතා පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිෂංකර් වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා ඇත.

1987 ඉදිරිපත් වූ 13 වැනි සංශෝධනය ද්‍රවිඩ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඉන් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නයට නිසි විසඳුමක් නොලැබෙන බව ද හෙතෙම තවදුරටත් දක්වා තිබේ.

උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිම ආරක්ෂා වන්නේ ස්වයංපාලනය තුළින් බව පවසන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නිසි ව්‍යවස්ථාවක් යටතේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරදෙන ලෙස ද එම සංදේශයෙන් ඉල්ලා ඇත. එසේම එක්සත් උතුරු නැෙඟනහිර ස්වයං පාලනයක් පිළිගන්නා ලෙස ද එම සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(දිවයින පුවත්පත)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More