කොවිඩ් වසංගතය නිසා ලීසිං හා ණය වාරික ගෙවා ගැනීමට නෙහැකිව අසරණව සිටින ලක්‍ෂ 50ක පමණ පිරිසකගේ වාහන මැයි 31 වැනිදායින් පසු අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් කටයුතු කරමින් සිටිනවා යැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් අසංක සුමේධ අමරසිංහ මහතා මාධ්‍යයට පැවසීය.
රජය විසින් කොවිඩ් වසංගත සමයේ ලීසිං හා ණය වාරික ගෙවන වාහන හිමියන් සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබුණත් මූල්‍ය ආයතන විසින් එම සහන කාලය දුන් වකවානුවට අදාළව සියයට එකොළහයි දශම පහක පොලියක් අයකර ඇති බවත් එය ඉතාම අසාධාරණ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
එම පොලිය සමග වාරික හෝ ණය ගෙවා ගැනීමට අපහසුව සිටින වාහන හිමියන් හට ඩොලරයේ මිල වැඩිවීම නිසා ඇතිවී තිබෙන ආර්ථික අපහසුතාවය ද තදින් දැනී ඇතැයි ද ඔහු කීය. ණය සහ වාරික ගෙවා ඉතිරි මුදලින් තම ජීවිකාව ගෙනයෑමට කටයුතු කළත් ඩොලරයේ මිල වැඩිවීමත් සමග සියලූම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑම නිසා අතේ ඉතිරිවන මුදලින් ජීවත්වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද අමරසිංහ මහතා පැවසීය.
මෙවැනි තත්ත්වයකට මුහුණපා සිටින වාහන හිමියන්ගේ වාහන , ලීසිං හා ණය ගෙවා ගැනීමට නොහැකිවීම මත එම සමාගම් අත්පත් කර ගතහොත් වාහන හිමියන් කුමක් කළ යුතුද යන්න මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...