දේශීය පුවත්

ත‍්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය.

ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“පහුගිය කාලේ අපිට පෙට්‍රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලුත් විදියට සිතමින් වෙනත් ක්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා. ඒ අනුව ආර්ථික සහනයක් ලබා දිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා. එය බෙහෝ විට සාර්ථක වනු ඇතැයිද අපි විශ්වාස කරනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අනාවරණය කළේය.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. උත්සවය ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ අද පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ අලුත් දේවල් කළ හැකි නව පරපුරක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හඳුන්වා දීම තම අරමුණ බවයි.

“මට අදාල නෑ මේ දරුවෝ කොහෙන් ඇවිත් ඉන්නවද ? මට ඡන්දය දීල තියෙනවද කියන දේවල්. මම මානව සම්පත් කළමනාකරණ අංශයට කිවුවේ මට මේ රටේ ඉන්න හොඳම 13දෙනා සොයලා දෙන්න කියලා. මටත් මේ වගේ දරුවෝ ඉන්නවා. මම මේ දරුවන්ගෙන් එකම එක ඉල්ලීමයි කරන්නේ. මට මේ ආයතනය ආරක්ෂා කර ගන්න උදව් කරන්න.….” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

උත්සව සභාව අමතමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා නව පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ නව අහදස් සහ නවීන තාක්ෂණය භාවිතා කරමින් සංස්ථාවේ දියුණුවට කටයුතු කරන ලෙසයි.

“අද මේ පත්විම් ලබන සියලු දෙනාම එක් වන්නේ මේ රටේ හදවතක් වගේ ආයතනයකට. ලොව ගොඩාක් ආයතනවලට තෙල් පිරිපහදුවක් නැහැ. නමුත් අපට තියෙනවා. එය වසර පනහක් පරණයි. නමුත් එය තවමත් අපිට පවත්වාගෙන යන්න හැකිවී තිබෙන්නේ සංස්ථාවේ ඉංජිනේරුන්ගේ දක්ෂතාවය නිසා. අපි වසර 3කට සැරයක් මේ පිරිපහදුව යාවත්කාලීන කරනවා. එය අපි සාර්ථව පසුගිය කාල‍යේ සිදු කළා. ඉදිරියටත් ඔබේ අලුත් අදහස් සමඟ නව තාක්ෂණය එක් කරමින් මේ ආයතනය සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඔබ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද මම මේ අවස්ථාවේ පවසනවා…..” යිද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More