විදේශ පුවත්

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

එල්ල වූ මෙම මරාගෙන මැරෙන ට්‍රක් රථ ප්‍රහාරය මීට පෙර එල්ල වූ ප්‍රහාර හා සැලකීමේදී තරමක විශාල ප්‍රමාණයෙන් ප්‍රහාරයක් යැයි ද එම වාර්තා සඳහන් කරයි. වසර 2007 ආරම්භ වූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ කැරැල්ලෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එම වාර්තාවල තවදුරටත් දැක්විණි.

ප්‍රහාරයත් සමඟ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට සෝමාලියා ජනාධිපති මොහමෙද් අබ්දුල්ලාහි ෆාර්මාජෝ කටයුතු කර තිබිණි. මෙම ප්‍රහාරයෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

බෝම්බ සහිත ට්‍රක් රථය පුපුරා ගොස් ඇත්තේ අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදීය. ඒ ආසන්නයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල, ආපන ශාලා, හෝටල් ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගොඩනැගිලි රැසක් පිහිටා තිබෙන අතර ප්‍රහාරයෙන් වාහන දුසිමකට වැඩි ප්‍රාමණයක් ද සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ඉන් පැය දෙකකට පසු සෝමාලියාවේ මදිනා දිස්ත්‍රික්කයේ අගනුවරට ද ප්‍රහාරයක් එල්ල විය.

අද (15) සවස් වනතුරුත් ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගෙන නොතිබුණු නමුත් අල් කයිඩා සංවිධානය හා සබඳතා පවත්වන ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් සමන්විත සංවිධානයක් වන අල් ෂෙබාබ් සංවිධානය පසුගිය කාලයේ දී සෝමාලියාවේ අගනුවර ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන ලදි.

මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ සහාය ලබන ආණ්ඩුවලට එරෙහිව කැරැලි දියත් කරමින් ප්‍රහාර එල්ල කරයි. මොවුන්ට හිතවත් පාර්ශව අප්‍රිකා සංගමය තුළ ද සිටින අතර සෝමාලියේ ඇත්තේ දුර්වල පරිපාලන තන්ත්‍රයක් යැයි ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති. එම පිරිස් පාලනය පෙරළා දැමීමට ද උත්සාහ කරන ලදි. අල් ෂෙබාබ් සංවිධානය ඉස්ලාම් දහමට ඔවුන්ගේම අර්ථකතනයක් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More