කතානායකතුමා කියල තිබුනා පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යන තුරු විසුරුවා හරින්න බැහැ කියලා. ඇත්තෙන්ම ගරු කතානායකතුමාට වැරදි උපදෙසක් දීලා තියෙන්නේ. මම අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වගන්තිය කියවන්නම් රටටම දැන ගන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවකදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා …
…… අපි මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තමන් පාලනය කලයුතු ආණ්ඩුව තීරණය කිරීමේ අවස්ථාව නැවත ජනතාවට ලබාදීමේ වෑයමක කටයුතු කරනවා. ඒ නිසා ගරු කතානායකතුමාට කවුරුහරි ලබාදුන්නු වැරදි උපදෙසක් නිසා එතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් වසර දෙක හමාරක් ගත විය යුතුයි කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ ජනාධිපතිතුමාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නමුත් පාර්ලිමේන්තුවේ උවමනාවෙන් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන් . ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ. එම වගන්තිය කියවන්නම් . (ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නො හැරිය යුත්තේ ය. පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න .එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. එහෙම ඉල්ලීමක් නැතුව ජනාධිපතිවරයාට විසුරුවාහරින්න නම් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ ඉදන් අවුරුදු දෙකහමාරක් ගත වෙනවා. එතකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් 2023 මාර්තු 3 දක්වා බලා සිටීමට සිදුවිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම වෙලාවක පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/1 (අ) වගන්තියෙන් ඉතාම පැහැදිලියි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන ව්‍යාපෘතිය අපි කරන්යද්දි ජනතාව ඉදිරියට යා ගන්න බැරි පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශද්‍රෝහී දූෂිත වැඩපිළිවෙළට සහය දක්වපු මන්ත්‍රීවරුන්ගේ බඩ පපුව දන්න පටන් අරගෙන තියෙනවා . ඒ අයගේ සිත සැනසීමට තමයි මෙවැනි බොරුවක් ආණ්ඩුවෙන් ප්‍රචාරය කර තියෙන්නෙ. ඒක සම්පූර්ණයෙන් වැරදියි . ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...