දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතා රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමති ධූරය ලැබුණු එක විතරයි. මුදල් ඇමතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද? ජේ ආර් ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ එන් චොක්සි ද? සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කලේ මංගල සමරවීර ද? නෑ. අද බැසිල් රාජපක්ෂ මහතා රට පාලනය කරන්නේ 20 වන සංශෝධනය හරහා පත් වූ මුදල් ඇමති විධියට නොවේ. පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විධියටයි ඔහු අද රට පාලනය කරමින් සිටින්නේ. හරියටම කියනවනම් රට විනාශ කරමින් සිටින්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත්19 වන සංශෝධනයේ හිලකින් රිංගලා. 19 වන සංශෝධනය යටපත් කරගෙන 20 වන සංශෝධනය නාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආකාරයෙන්ම රට පාලනය කරණවා. ඒසේ නම් 19 වන සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවකදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More