දේශීය පුවත්

මූලික විනය පරීක්ෂණයකින් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව චූදිතයෙකු පිළිබඳව ගනු ලැබූ තීන්දුවක් වෙනස් කළ නොහැකි බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.තිරානගම මහතා එසේ පැවසුවේ වෛද්‍යය සාෆි විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාලව නීතිපතිවරයා මාර්ගයෙන් ඔහුගේ හිඟ වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බවට ආයතන අධ්‍යයක්ෂක චන්දන කුලතුංග මහතා විසින් තීරණය කර ඇති බවට අධිකරණයට කරුණු දක්වා ඇති බවට පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු විමසීමේදීයි.

ඒ පිළිබඳව මීට පෙර වෛද්‍යයවරු රාශියක් අදහස් දක්වමින් සඳහන් කළේ වෛද්‍යය සාෆිගේ විනය පරීක්ෂණ අවුල් කිරීම සඳහා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනිය සහ රාජ්‍යය සේවා කොමිශන් සභාවේ සෞඛ්‍යය කමිටුවේ ප්‍රධානියා කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණක් වුවත් කිසිවෙකු ඊට එරෙහිව පියවර නොගන්නා බවයි. ඒ අතර වෛද්‍යය සාෆිට එරෙහිව නඩු විභාගය පවතින කුරුණෑගල අධිකරණයේදී එම පරීක්ෂණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවට විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදු කළ බවටද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More