ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්ගේ ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා සුරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...