රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් අගමැති තනතුර සඳහා සුදුසුම පුද්ගලයා මේ වනවිට එම තනතුරට පත්කර ඇති බවද, ඔහුට වඩා සුදුසු කිසිවෙකුත් නොමැති බව පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු ගොඩනැගීමට තරම් පක්ෂයට බංකොලොත් වී නොමැති බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට හෝ නොහැකි තත්වයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති තනතුරට පත් කිරීමට තරම් මොළේ අමාරුවක් තම පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට හෝ තිබෙනවා යැයි තමා විස්වාස නොකරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...