දේශීය පුවත්

මාතරදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටිය ද වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නැති බවයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ බව පැහැදිලිව සඳහන්ව ඇති බවද කතානයකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව එම කාලය ගත වන තුරු කිසිම ක්‍රමයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිවකුට නො හැකි බව ද කතානායකවරයා අවධාරණය කළේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත‍්‍රීවරුන් එක්වී කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් එය වෙනම තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

16 වෙනි පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 අගෝස්තු 5 වෙනිදා පැවැත්වූ අතර පර්ලිමේන්තුවට වසර දෙකහමාර සම්පූර්ණ වන්නේ 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More