පවත්නා අර්බුදකාරී තත්ත්වය හා එය විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ගරුතර මහානායක හිමිවරුන් දැනුම්වත්කර උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයන් රාමඤ්ඤ මහා නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල මහනායක හිමියන් මුණගැසීම අද (මාර්තු 28 ) උදෑසන මීරිගම, මිණීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදි සිදුකෙරිණ.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ, යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.
මෙහිදී ගරුතර මහනාහිමයන්ට කරුණු පැහැදිලි කල විමල් වීරවංශ මන්ත්‍රීතුමා,
“…. නිදහසින් පසුව රට මුහුණපා ඇති විශාලතම ආර්ථික අර්බුදයට අප මුහුණපා සිටිනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර කොටසක් හැටියට හැටියට මේ හානිය පුළුවන් තරම් අවම වෙන විදිහට මෙම අර්බුදයට මුහුණදෙන ක්‍රමයක් යෝජනා කරන්න අප උත්සාහ කලා . නමුත් තත්ත්වය දවසෙන් දවස බැරෑරුම් වී තිබෙනවා. මේ අවස්ථාවේ අප කවුරුත් කල යුත්තේ පටු දේශපාලනය කරන එක නොවෙයි. මේ තත්ත්වය අත්‍රික්‍රමණය කරන එකයි.
… අවාසනාව වන්නේ අප ආර්ථික වශයෙන් දුර්වලවෙනකොට, බංකොලොත් වෙනකොට ඒක පාවිච්චි කරලා, ලෝකයේ බලගතු රටවල් අපිව ඔවුන්ගේ ගොදුරු බිමක් බවට පත්කරගැනීමේ අනතුර තිබෙනවා. දැනටමත් ඒ සඳහා ගිවිසුම් අත්සන්වෙමින් තියෙනවා. එහෙම දේවල් උනාට පස්සේ නම් අනාගත පරපුරටත් ඒකෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ.
……. යුක්රේන් අර්බුදයේදී වුනත් ඇමෙරිකාව කලේ රුසියාවත් එක්ක සහයෝගයෙන් වැඩකල පාලකයා එලවලා ඒගොල්ලොත් එක්ක හිතවත් කෙනෙක්ව ගෙනාව එකයි. ඒ හිතවත් කෙනා බටහිර පැත්තට වැඩියෙන් නැඹුරුවෙන කොට ගැටුම අරඹුනා. ඒකෙන් සාමාන්‍ය ජනතාවට ලොකු දුකක් විඳින්න සිදුවුනා. අපේ රට වර්ග සැතපුම් ප්‍රමාණයෙන් පොඩි වුනාට මේකේ වටිනාකම හුඟක් වැඩියි. එල් ටී ටී එක භාවිතා කරලා කරන්න හැදුව දේ කොහොම හරි බේරගත්තා. ආර්ථික අර්බුදය උත්සන්න වෙනකොට තමයි දැන් ඊළඟ අවදානම එන්නේ..”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...