දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල මාර්තු 26 දා රාත්‍රියේ සිට නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත්ව ඇති රිචඩ් නට්ල් විසින් විසින් මෙම තීන්දුව ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා උවදුරෙන් පසුව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙන් බව සංචාරක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සංචාරක ක්ෂිත්‍රයේ විද්ලේෂකයන්ට අනුව නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුව ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ත සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරන දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කොට ඇති බවයි.

නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් දේශපාලන විශ්ලේෂකයන් මෙම නිගමනයට එළඹීමට හේතුවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More