ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දීමට කටයුතු කරන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ.
“… ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පෝලිම්වල ඉන්නවත්, කරුවලේ ඉන්නවත්, පයින් ඇවිදින්නවත් නෙමෙයි. මේ රට දියුණු කරලා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට තමයි ජනතාවගේ අපේක්ෂාව තිබුණේ. නමුත් අද 69 ලක්ෂයක් බලය දුන්නට, 69 ලක්ෂයට ඇහුම්කන් නෙමෙයි දෙන්නේ. එක පුද්ගලයෙකු ට අද අහුම්කන් දීලා ඒ පුද්ගලයාගේ වැඩ කරගෙන යන්නේ. ඒ නිසා මේ ජනතා අප්‍රසාදය වැඩි වෙලා තිබෙනවා. අද මිනිස්සුගේ තිබෙන අප්‍රසාදය කලකිරීම පුළුවන් තරම් අඩුකරන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට වෙන සංවර්ධන අටයුත්තක් භාරදීලා, මුදල් අමත්‍යාංශයේ කටයුතු ටික අග්‍රාමාත්‍යවරයාට භාර දීලා, අග්‍රාමාත්‍යවරයාට මේ රට ගෙනියන්නට අවස්ථාවක් ලබාදෙන්න. ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම හොබවන්නට කියෙන එක තමයි අපේ එකම ඉල්ලීම. මේ පෝලින් යුඟය තවදුරටත් ගමන් කළොත් මම හිතනවා අපේ ජනතාවට කබලෙන් ළිපට වැටෙන්නට සිදුවෙයි… .”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...