මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ‍්‍රිත ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියාව විසින් අලුතින් හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.
රුසියානු තාක්‍ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානා දෙක රාමනාතපුරම් පිහිටි ඉන්දීය නාවික ගුවන් තොටුපළේ රඳවා ඇති අතර එම යානා දෙකේ මුල්ම නිරීක්‍ෂණ කටයුතු ඉන්දියාවේ නැඟෙනහිර නාවික විධානයේ ප‍්‍රධාන ආඥාපති වයිස් අද්මිරාල් බිස්වජිත් දාස්ගුප්තා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා ආරම්භ වී ඇත. නව හෙළිකොප්ටර් යානා දෙක සාම්ප‍්‍රදායික ජල ප‍්‍රහාරක සත්කාරය ලබා දෙමින් පිළිගනු ලැබීය. මෙම හෙලිකොප්ටර් යානාවල නවීන සමුද්‍ර මුර සංචාර රේඩාර් සහ නිරීක්‍ෂණ හැකියාව වැඩි දියුණු කරන විද්‍යුත් දෘශ්‍ය පේලෝඩ්වලින් සමන්විත වෙයි. මෙම හැකියාවන් ඉන්දීය නාවික හමුදාවට සිය මෙහෙයුම් හැකියාවන් තවදුරටත් පුළුල් කර ගැනීමටත් කලාපයේ ජල නිරීක්‍ෂණ කටයුතුවල නිරතවීමටත් බෙහෙවින් ඉවහල් වනු ඇතැයි වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...