රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බවත් එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් අමතමින් පැවසීය.
පසුගියදා බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලබාගත් බවත්, පකිස්තානයෙන් ඩොලර් මිලියන 200 ක් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයට ලබා ගත් බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ සියලු ණය ලබාගෙන තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා නොව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා බවය.
කිරිපිටි ආනයසය සඳහාද ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක් හිඟා කෑ ආණ්ඩුව චීනයෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බවද මේ වනවිට දරුණු යුද්ධයකට පැටලී සිටින රුසියාවෙන්ද ණය ලබා ගැනීමට තරම් රට බංකොලොත් වී ඇති බවද ඔහු සඳහන් කරනවා.
මෙම ණය ලබා ගැනීම හරහා විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදුවන බවත්, ඒ හරහා රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දැමීමට සිදුවන බවත් අනාගත පරපුරට ඉතිරි වන්නේ වරායේ අයිතිය නොමැති, ජල අයිතිය නොමැති, විදුලි බලාගාරවල අයිතිය නොමැති, කඳුකරයේ වටිනා වනාන්තර අයිති නැති රටක් වන බවද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...