දේශීය පුවත්

තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බවත් පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු කණ්ඩායම් අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරයද අහිමි කළහැකි බවත් ඉදිරි කාලය තුළ එයද සිදුවිය හැකි බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගියදා එක්සත් ජාතික පක්ෂය කොළඹදී පැවැත්වූ සත්‍යග්‍රහයට 43 වැනි සේනාංකයේ පිරිසක් එක්ව සිටි අතර චම්පික රණවක මහතා පවසන්නේ විපක්ෂයේ කුමන කණ්ඩායමක් හෝ ආණ්ඩුවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සඳහා ආරාධනා කරන්නේ නම් ඊට එක්වීමට තම සංවිධානය සූදානම් බවද ඔහු ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ, පක්ෂ 11 කණ්ඩායම වුවද අරාධනා කළහොත් ඒවාටද සහභාගි වන බව ඔහු පැවසීය.

තනි තනිව ගමන් කිරීමට වඩා පුළුල් සන්ධානයක් හෝ පොදු එකඟතාවයක් මත සියලු කණ්ඩායම් එක්වීම වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එකිනෙකට වෙනස් මත දරන පාර්ශ්ව එකතු කර ගැනීම දුෂ්කර වුවත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඊටද සූදානම් වියයුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More