දේශීය පුවත්

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උකුලක් අටවමින් සිටින බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ, එම දේශපාලන උගුලට පය තබා, ඔහු ඇතුළු රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවා සිටී.

අද (27) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ අනතුරු අඟවා සිටියේ ය.

පසුගිය 25 වැනිදා දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව ද පදනම් කරගනිමින් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේ ‘යුද විරුවා’ ‘පාවා දෙන්නකු’ බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් එම සාකච්ඡාව පැවති බව ය. එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පවසන්නේ ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එක්සත් ශ්‍රී ලංකාවක්’ යන්න ප්‍රතික්ෂේප කර නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බවත් සඳහන් කළ ජයන්ත සමරවීර මහතා, එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් පිළිබඳව පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළා ද යන සැකය මතුවීම, වැළැක්විය නොහැකි බවත් කීය.

ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා සමග පැවති ඉහත සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ප්‍රධානතම යෝජනාව වූයේ උතුරු නැගෙනහිර දෙපළාත සංවර්ධනය සඳහා වෙනම අරමුදලක් පිහිටුවීම බවද කී ජයන්ත සමරවීර මහතා, එම්. ඒ. සුමන්තිරන් මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා යොදාගැනීමට නම් ’13න් එහා ගිය’ බලයක් අවශ්‍ය බවට මාධ්‍ය වෙත පළ කළ අදහස් ද මෙරට භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය අගය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් අවධානයට යොමු විය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සැරසෙන්නේ කුඩු ජාවාරම්, ආයුධ ජාවාරම්, මිනිස් ජාවාරම් සිදුකර දෙමළ ඩයස්පෝරාව රැස් කරගෙන ඇති කළු සල්ලි උතුරු නැගෙනහිර දෙපළාතට රැගෙන ඒමට බවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබා දී ඇති බලතලවලට වඩා වැඩි බලතල ඉල්ලන්නේ ඒ සඳහා බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය. ‘මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය’ සම්මත කරගනිමින් ‘මහ ඇමති අරමුදල’ පිහිටුවා දෙමළ ඩයස්පෝරාවේ මුදල් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය කිසිදු අධීක්ෂණයකින් තොරව එම අරමුදලට බැර කොට දෙමළ බෙදුම්වාදී වුවමනාවන් වෙනුවෙන් භාවිත කිරීම ඉහත දුෂ්ට යෝජනාවේ අභිලාශය බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ තවත් යෝජනාවක් වන ‘අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීම’ට එකඟ වුවහොත් රණවිරුවන්ට එරෙහිව යළිත් චෝදනා ෆැක්ටරියක් නිර්මාණය වනු ඇති බවත් එමගින් දෙමළ ජාතික සන්ධානයේ රණවිරුවන් දංගෙඩියට යැවීමේ අරමුණු ඉටු වනු ඇති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. එසේම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බිහිසුණු කොටි ත්‍රස්තවාදීන් පිරිස විමර්ශන අවසන් වීමට ප්‍රථම මුදා ගැනීම ද මෙම සාකච්ඡාවේ අරමුණක් වී ඇති බව ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙහිදී කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි 40/1 යෝජනාව අනුව මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ බවත් එම කවුන්සිලයේ විමර්ශන යාන්ත්‍රණයකින් පසුව 2022 සැප්තැම්බර් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවට එරෙහි 50/1 යෝජනාව මගින් එම රණවිරුවන්ට නිල චෝදනා පත්‍ර භාරදීමට නියමිත බවත් එම තත්ත්වය ද දඩමීමා කරගනිමින් දෙමළ බෙදුම්වාදීන් මෙවැනි සාකච්ඡා පණගන්වා ඇති බවත් ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, කැස්බෑව නගර සභා මන්ත්‍රී අතුල සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022/03/27



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More