වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ඇරඹි ‘ජන අරගල ව්‍යාපාරයේ ’ පළමු සමුළුව ‘ඇත්ත බලාපොරොත්තුවක් – මහජන ව්‍යාපාරයක්‘ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී අද (27) පැවැත්විණි.
‘
මෙම සමුළුවට වෘත්තිය සමිති, බහුජන සංවිධාන, ගොවි, ධීවර, කාන්තා , තරුණ හා ශිෂ්‍ය සංවිධාන, පූජක ප්‍රජාව, සරසවි ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ සියලුම අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සම්බන්ධ වී සිටි බව ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ ඉතිහාසය පුරා මෙරට පාලක පන්තිය අනුගමනය කළ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන අර්බූදය පැන නැගී ඇති බව දකින මෙම සමුළුව එම ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා උපාය මාර්ගික සටන් පාඨ හයකින් යුතු එකඟතාවක් මත ජන අරගල ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.
මෙකී අරමුණු වෙනුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ සහ පාට භේදවලින් තොරව පීඩාවට පත් සියලු ජනතාව බලමුළු ගන්වන පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම උදෙසා උපරිම කැප වීමෙන් මැදිහත් වන බවද පුබුදු ජාගොඩ මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...