තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් බැහැදැකීම අද(26) රාජගිරිය, කළපළුවාව තපෝවනයේ දී සිදුවිය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද විජය ධරණී ජාතික සභාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු පක්ෂ 11ක එකමුතුවේ (11 Parties Alliance) නායකත්වය මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් වෙත පිළිගැන්වූ අයුරු පහත දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...