දේශීය පුවත්

තෙල් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති බවත් ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුකොටගෙන ඒකාන්තවම ඉදිරියේදී විදුලි බිල ඉහළ යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දූෂිත කොන්ත්‍රාත්තුව හරහා වෙළඳපොලේ පවත්නා මිලට වඩා වැඩි මිලකට මෙන්ම, රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීම සඳහා ගිවිසුම අත්සන් කොට ඇතැයිද විපක්ෂ නායකතුමා හෙළිදරව් කළේය.

අධික බලයක් ලබා දීමේ ආදීනව ජනතාවට අත්විඳින්නට සිදුව තිබීම කනගාටුවට කරුණක් බව පැවසූ විපක්ෂ නායකතුමා හිතක් පපුවක් නැති පාලනයකින් බලාපොරොත්තු විය හැක්කේ මෙවැන්නක් බවද කීය.

බලය ඇතත් නැතත් වැඩ කිරීමේ සම්ප්‍රදාය සමගි ජන බලවේගය රට හඳුන්වා දෙමින් අලුත් සංස්කෘතියක් බිහිකළ බව විපක්ෂ නායකතුමා පැවසූ අතර සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සිය සත්කාර මය මෙහෙවර සිදුකරන බවද පැවසීය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කරගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද, සුපරිපූර්ණ කිරීමත්, ඒ හරහා ලොව දිනන, නූතනවාදී දරු පරපුරක් ගොඩනැගීමේ අරමුණු ප්‍රකාරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස සක්වළ වැඩසටහන ආරම්භ වූ අතර ඒ හරහා දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරනු ලැබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, ජාතියේ පියා යැයි විරුධාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 70 වන ගුණ සැමරුම නිමිතිකොටගෙන විශේෂ “සක්වළ” වැඩසටහනක් ලෙස 20 වන පියවර පැවැත්වූ අතර රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ බප/මිනු/කීනදෙණිය මහා විද්‍යාලයට විපක්ෂ නායකතුමා විසින් වෙත පරිත්‍යාග කරනු ලැබීය.

– media unit



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More