මෙරට ආර්ථිකය මේවනවිට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට බලපා ඇති හේතු සහ ඉන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ ඇතුලත් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2020, 2021 වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවා ගිය වාර්ෂික මූල්‍ය හිගයකට මෙරට ආර්ථිකය ඇදවැටී ඇති බවත්, 2021 වසරේදී මෙරට ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එහි සඳහන්ය.
අධික විදේශීය ණයබර, ජාත්‍යන්තර සංචිත අවම වීම, විදේශ විනිමය හිගය, ඉහළ උද්ධමනය ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අභියෝග ලෙස එහි දක්වා ඇති අතර මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථාතත්ත්වයට පත් කිරීම සඳහා, කෙටි හා මධ්‍ය කාලීන වශයෙන් විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි එහි සඳහන්ය.
ඒ අනුව ආදායම් බදු හා වැට් බදු අනුපාත ඉහල නැංවීමෙන් රාජ්‍ය ආදායම් ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇති අතර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, වෙළඳපල මගින් තීරණය වන සහ නම්‍යශිලී විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යාම, බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ වැනි ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...