ඉන්දු – ලංකා ආණ්ඩු අස්සන් කර ඇති ගිවිසුම් තුනක් හා අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට දැවැන්ත ස්වෛරීත්ව අර්බුදයකට තල්ලු කර ඇති මව්බිම වෙබ් අඩවිය වාර්තා කරයි.
රාජ්‍යයක අත්‍යවශ්‍ය කොන්දේසි හැටියට සැලකෙන භූමියත් ජනතාවත් ආණ්ඩුවත් ස්වාධිපත්‍යයත් යන ක්ෂේත්‍ර හතරම අනතුරේ හෙළන අවාසිදායක ද්විපාර්ශ්වික ගිවිසුම් හතරක් වන මේවා කැබිනට් මණ්ඩලය රූකඩයක් බවට පත්කරමින් අස්සන් කර ඇති බව ඒවාට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශ හා අතුරු ලේඛන පරිශීලනය කරද්දී පැහැදිලි වේ.
ගිවිසුම් හතරෙන් තුනක් මේ වනවිටත් කැබිනට්ටුව නොසලකා හැර අස්සන් කොට අවසන් අතර ආවරණ අනුමැතිය ලබා ගැනීම හෙවත් අස්සන් කිරීමෙන් පසුව අනුමැතිය ලබා ගැනීම යන විහිළු සහගත යෙදුමකින් එහි බිහිසුණු බව ආවරණය කරගැනීමට උත්සාහ දරා තිබේ.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගියදා කළ ඉන්දීය සංචාරයට පෙර මෙම ගිවිසුම් අස්සන් කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වී යැයි පසුගිය කැබිනට් මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයෙහි ‘විස්තරය හා සාධාරණීකරණය’ යන තේමාවෙන් කරුණු පැහැදිලි කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...