පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ලෝක කතෝලික සභා සාමාජිකයන් හමුවීමට කටයුතු සැලසුම් කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ‘ඉරිදා මව්බිම’ට ප්‍රකශ කර ඇත. ඒ සඳහා අප්‍රේල් මස මුල් සතියේදී වතිකානය බලා පිටත්ව යන බව ද ඔහු කීය.
එම සංචාරය අතරතුර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද හමුවීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ හමුවීම සඳහා ඉල්ලීමක් මේ වන විටත් කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
එහිදී වතිකානයේ ඉහළ පෙළේ රදගුරු හිමිවරුන් හමුවී යුක්තිය ඉෂ්ට කර ගැනීමේ යාන්ත්‍රණය වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහාය ශක්තිමත් අයුරින් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සාකච්ජා කරන බවද හෙතෙම පැවසීය.
පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුනක් ගත වුව ද එහි වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සහ ප්‍රහාරය සැලසුම් කළ පාර්ශ්වවලට එරෙහිව නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ලෝක කතෝලික සභාවේ සාමාජිකයන් දැනුවත් කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...