දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයට 16 දෙනාගේ කණ්ඩායම වැදගත් නැතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ට දේශපාලනය තවම හරි හැටි නොතේරෙන බවත් මේ දහසය දෙනා මවුබිමේ අනාගතයට අතිශයින් වැදගත්වන තීරණාත්මක කණ්ඩායමක් බැව් අමතක නොකළ යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

මේ මන්ත්‍රිවරුන් දහසය දෙනා විපක්ෂයේ රඳවා ගෙන ආණ්ඩුවට 2/3ක් අහිමි කළ යුතුව ඇති බවත් ඒ සඳහා තවත් මන්ත්‍රිවරුන් පස් දෙනකුගේ අඩුවක් පවතින හෙයින් මේ දහසය දෙනා හට හොඳින් සලකන බව පෙන්විය යුතුව ඇති බවත් ඔහු පැවැසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කොට හොර නඩයෙන් රට බේරා ගැනීමට නම් මන්ත්‍රිවරුන් 113කගේ සහාය අවශ්‍ය බව අමතක නොකළ යුතු යැයිද මේ නිසා රටේ අනාගතය මොවුන් දහසය දෙනාගේ සහාය මත රැඳී පවතින බව සැලකිල්ලට ගත යුතු යැයිද හෙතෙම පැවැසීය.

මොවුන් එකතු කරගත යුතුය යන තීන්දුව වෙනස් කළ හැකි කෙනකු ඒකාබද්ධ විපක්ෂයේ නැතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (18දා) පිටකෝට්ටේ පිහිටි ‘පිවිතුරු හෙළ උරුමය’ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More